හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 29, 2015

සිරියල් නමිබර් උස්සන හැටි | Recover Serial Numbers

සිරියල් නමිබර් උස්සන හැටි | Recover Serial Numbers
 

ඔන්න අපි අද කටිටියට දෙන්නේ වටිනාකම කියල නිම කරන්න බැරි සොෆ්ටිවෙයා කැල්ලක්..
මේකේ නම LicenseCrawler. මේකෙන් කෙරෙන්නේ අපේ කමිපියුටර් එකේ වින්ඩොව්ස් පද්ධතිය සර්ච් කරල අපි දාපු සොෆ්ටිවෙයාර් වල Serial Numbers හොයල දෙන එක..
දැන් ඉතින් කටිටිය අහයි " අපි දාපු සොෆ්ටිවෙයා වල Serial Numbers අපිට මොකටද කියලා "
ඒ උනාට අපිට මේක ගොඩක් වැදගත්..
කාලයක් යද්දි අපේ කමිපියුටර් එක ෆොමැටි කරන්න ඔන වෙනවා..ඊට පස්සේ දාපු සොෆ්ටිවෙයා එක හොයාගන්නත් පුලුවන් එත් කොහෙන්ද Serial Number එක.. එත් මේකෙන් අපිට Serial Numbers එක රිකවර් කර ගන්න පුලුවන්..
හ්මිමිමිමිමිමිමි... තව අපේ යාලුවෙක් ගාව තියෙන සොෆ්ටිවෙයා එකක Serial Number එක උස්සන්න පුලුවන්.. හේහේ.. මේක Protable Software එකක්.. එක නිසා Pen 1ක දාගෙන ගිහින් ලෙසිනේම වෙන කමිපියුටර් එකක Use කරන්න පුලුවන්.. Instrall කරන්න ඔනේ නෑ.. ( දැන් ඉතින් ගිහින් යාලුවන්ගේ සොෆ්ටිවෙයා වල Serial Number එහෙම උස්සන්න එපා.... )
වැඩිකතා ඔනේ නැ , ඔන්න බාගන්න...

Download Link >>>> http://adf.ly/whq9w
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

200+ Tv Series Folder Icon Pack

200+ Tv Series Folder Icon Pack


 මෙන්න මගේ Tv_Series සෙට් එක..කොහොමද Collection එක..!! Bla.. Bla.
අයියෝ ඔන්න අදනම් මම දෙන්නේ අපේ Tv Series බලන යාලුවන්ට ඕන කියන දෙයක්...!!
දැන් ලංකාවෙත් ගොඩක් අය පිටරට Tv Series බලන්න පටන් අරන්... එකෙන්ම කිවොත් Tv Series එකක් බලන්න ගත්තාම එකට ඇබ්බැහි වෙනවා.. මාත් ඉතින් එඅ වගේ පොරක් තමයි..

පහුගිය දවස්ටිකේ අපේ යාළුවො ටිකක් මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.. ඒ තමා Tv Series Icon ටිකක්...
Tv Series Icon ගැන කියනවානම් අපිට පුළුවන් මේ Icon අපේ Folder වලට දාලා ලස්සන කර ගන්න...
මෙන්න මේ වගේ තමා Icon තියෙන්නේ.. ඉතින් ඔයාලත් කැමති ඇතිනේ ඔයාලගේ Pc එකේ Icon මේ වගේ හදාගන්න...
මම ඔයාලට Tv Series Icon 200 කට වැඩියෙන් දෙනවා... මේ ඔක්කම Icon Zip කරලා තියෙන්නේ... Download කරගෙන Unzip කරලා ඔයාලට කැමති විදියට මේ Icon ටික Folder වලට add කරන්න..
ඔන්න බාගන්න..
Download Link >>>> http://adf.ly/whoaB
Zip File එකේ Password එක lankahelper.blogspot.com
Zip එකේ සයිස් එක 32MBයි.. ඉක්මනට Download කරගන්න... ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

එහෙනම් අව්ලක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න යාලුවනේ.. " ඔබේ සැප මගේ සතුටයි!! "
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

දි මේට්‍රික්ස් (The Matrix) | කථිකාවත

දි මේට්‍රික්ස් (The Matrix)

 
දි මේට්‍රික්ස් (The Matrix) නරඹා නොමැති අයෙකු ලේඛකයාගේ සම කාලීන සමාජය තුල සිටීදැයි සැකසහිත නමුත් පාඨකයා එය නරඹා නොමැති නම් එය අනිවාර්යෙන් ම නැරඹිය යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරමි. මෙය, දි මේට්‍රික්ස් (The Matrix), මේට්‍රික්ස් රීලෝඩඩ් (Matrix Reloaded) සහ මේට්‍රික්ස් රෙවලූශන්ස් (Matrix Revolutions) නම් තුන් ඈදුතු සිනමා කෘතීන්ගේ පළමු වැන්නයි. අවාසනාවට ලේඛකයා හට පළමු වතාවට මේට්‍රික්ස් නැරඹීමට සිදුවන්නේ නීති විරෝධී ලෙස පිටපත් කොටගත් සංයුක්ත තැටියකිනි. හැකි පළමු අවස්ථාවේම ලේඛකයා තුන් ඈදුතු නිමැවුමේම ප්‍රකෘති පිටපත් මිලදී ගනු ලබන්නේ නිර්මාපකයන්ගෙන් හදවතින්ම නිහඬවම සමාව අයදිමිනි.
දි මේට්‍රික්ස් සිනමා කලාවේ තාක්ෂණික මග සලකුණක් සේ සැලකන අතර ප්‍රථම වතාවට මන්ද ක්‍රාන්ති (slow motion) වෙඩි උණ්ඩ වැනි දෘශ්‍ය මායා ප්‍රේක්ශකයා හට විඳගැනීමට අවස්ථාව ලැබුනේ ඒ තුලිනි. කෙසේ නමුදු මෙම නවමු දෘශ්‍ය විස්කම් හේතුකොටගෙන සිනමා පටය බොහෝ ජනප්‍රිය වූවත් එම ජනප්‍රියවාදී මතුපිටින් ඔබ්බට එය කියවීම බහුතරයකට මග හැරී ගොස් ඇති බව ලේඛකයාගේ මතයයි.
දි මේට්‍රික්ස් කියවිය යුත්තේ ඇයි?
ලේඛකයාගේ අදහස නම් මේට්‍රික්ස් තුන් ඈඳුත්ත තරම් සංවාද මතු කිරීමට සමත් සිනමා පට ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් බවයි. දීර්ඝ කාලයක් මිනිසා පීඩාවට පත්කල සහ මේ වන විටද සැලකිය යුතු ආකාරයේ සතුටුදායක පිළිතුරක් නිර්මාණය කිරීමට මිනිසා අපොහොසත් වූ ප්‍රශ්න ගණනාවකට, පියවරක් ඉදිරියට ගොස් පිළිතුරු නිර්මාණය කිරීමට නිර්මාපකයින් උත්සාහ දරා ඇත. උදාහරණ ලෙස 'මම කුමක්ද?' ('මම කවුද? ' යන ප්‍රශ්නයට වඩා වැදගත් වන්නේ 'මම කුමක්ද? ' යන්න බව ලේඛකයාගේ මතයයි. මන්ද 'මම කවුද?' යන්න සමාජ- දේශපාලනික රාමුවක හා තලයක සිට නගන ප්‍රශ්නයක් වන අතර එම තලය ද ඉවත් කල විට 'මම කුමක්ද?' යන්න මතුවන බැවිනි), 'මරණින් මතු යමක් තිබේද?' , 'අපගේ පැවැත්මට හේතුව කුමක්ද?' ආදී ප්‍රශ්න ගත හැක. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ විවිධ සංස්කෘතීන් තුල විවිධ පදනම් වල සිට නිර්මාණය කරන ලද එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් සමග මේට්‍රික්ස් දක්වන සංගත භාවයයි. සියලු ප්‍රේක්ෂකයන්ට නිරපේක්ෂව, වියුක්තව මෙම නිර්මාණය පවතින අතර සියලු ප්‍රේක්ෂකයන්ට තම විශ්වාසට බඳුන් වූ සංකල්ප තම පෞද්ගලික යතාර්ථය තුලින් මේට්‍රික්ස් සමග සංගතවනු දැකිය හැකි වීම සුවිශේෂී කරුණකි. මේට්‍රික්ස් විවිධ දැනුම් පද්ධතීන්ට සාපේක්ෂව කියවීමට දරණ උත්සාහයක් ලෙස මෙම ලිපිය සැලකිය හැක.
මේට්‍රික්ස් මූලික කථා වස්තුව සංෂිප්තව
කලකට පෙර නැරඹූ හෝ නරඹා නොමැති පාඨකයා ගේ පහසුව පිණිස මූලික කථාව හැකි තරම් සංෂිප්තව ඉදිරිපත් කරනු ලැබේ.
කලකට පෙර මිනිසා කෘතිම බුද්ධිය සහිත සිලිකන් යන්ත්‍ර නිපදවීමෙන් පසු මිනිසා එම යන්ත්‍ර වලට සලකන ආකාරය පිලිබඳ යන්ත්‍ර සමාජය තුල කලකිරීමක් ඇති වන අතර එහි උච්ච අවස්ථාවේ යන්ත්‍ර විසින් කැරැල්ලක් ඇති කරයි. එයට මිනිසාට මුහුණ දීමට අපහසු වෙන අතර යුධ උපක්‍රමයක් ලෙස යන්ත්‍ර බල ශක්තිය ලබා ගන්නා හිරු එළිය වැලැක්වීමට න්‍යෂ්ටික බලය යොදා අහස කළු වළාවකින් වසා දැමීමට ද, බුද්ධිය නොමැති යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය පවත්වා ගැනීමට ද මිනිසා අදහස් කරයි. කෙසේ නමුත් ඒ වන විටත් ජයග්‍රහණයේ මුවවිට සිටින යන්ත්‍ර තමා සතු අවසාන විදුලි ප්‍රමාණය භාවිතා කරමින් යුද්ධය ජය ගන්නා අතර විකල්ප බල ශක්ති ප්‍රභවයක් ලෙස මිනිස් මොළයේ නියුරෝන අතර හුවමාරු වන විදුලිය භාවිතා කිරීමට තීරණය කරයි. මින් පසුව යන්ත්‍ර විසින් මිනිසුන් වගා කරන අතර මිනිසා පාලනය කොට තබා ගනීමට මේට්‍රික්ස් නම් සංකීර්ණ පරිඝනක වැඩසටහන ආධාර කරගනු ලබයි. වගා කරන ලද මිනිසුන්ගේ මොළ, තන්තු හරහා මේට්‍රික්ස් නැමැති අතථ්‍ය ලොවට සම්බන්ධ කොට ඇත. තමා සාමාන්‍ය ලොවක් තුල සාමාන්‍ය දිවියක් ගතකරන බව ඔවුන්ට හැඟුනත් ඔවුන් සිටින්නේ සිහිනයක වන අතර, ඔවුන්ගේ සිරුරු දැවැන්ත විදුලි බලාගාරයක විදුලි ජනක කෝෂ ලෙස ක්‍රියා කරයි.
මෙහි එන මෝෆියස් නම් චරිතය වරක් ප්‍රකාශ කරන පරිදි,
"ඔබ කිසි විටක අවදි වී නැත්නම්, ඔබ දකින්නේ සිහිනයක් බව ඔබ දැන ගන්නේ කෙලෙසද?"
පාඨකයා මෙහෙදී අවබෝධ කරගත යුතු වන්නේ ඔබ වටා ඇති ලෝකය ගැන ඔබට ඇති සියළු සංවේදන, අවසාන විග්‍රහයේදී ඔබගේ මොළයේ නියුරෝන අතර හුවමාරු වන සංඥා පමණක් බවයි (බටහිර විද්‍යාත්මක දැනුම් පද්ධතීන්ට අනුව). ඔබ රතු පැහැති ඇපල් ගෙඩියක් දෙස බලන විට ඔබගේ මොළයේ ඇතිවන සියළු සංඥා, කෘත්‍රිමව නැවත මොළයේ නිර්මාණය කල හැකි නම්, රතු ඇපල් ගෙඩියක් දෙස බලා සිටින බවක් ඔබට හැඟෙනු ඇත.
මේට්‍රික්ස් සැබෑ ලොවට අනුරූප අතථ්‍ය ලොවක් වන අතර මේට්‍රික්ස් තුල දරුවෙකුගේ උපත සිදු වන විට සැබෑ ලොවේදී වගා කරන ලද මිනිස් දරුවෙක්ගේ මොළයට තන්තු සම්බන්ධ කොට එම දරුවා මේට්‍රික්ස් තුලට ඇතුල් කරනු ලබයි. එවිට මේට්‍රික්ස් තුල පහල වන දරුවාගේ ප්‍රතිබිම්බය අවශිෂ්ඨ ස්වීය පිලිඹිඹුව (residual self-image) ලෙස හඳුන්වනු ලැබේ.එලෙසම මේට්‍රික්ස් තුල යමෙක් මරණයට පත් වූ විට සැබෑ ලොවේ සිරුරේ මොළයට සම්බන්ධ කොට ඇති තන්තු හරහා අධි විද්‍යුතයක් එවා නියුරෝන සියල්ල පුළුස්සා දැමීමෙන් සැබෑ ලොවේදී ද එම පුද්ගලයා මරණයට පත් කරනු ලබයි.
කෙසේ නමුදු යුද්ධයෙන් දිවි ගලවා ගත් ඉතා සුළු පිරිසක් කලින් සැලසුම් කොටගෙන සිටි පරිදි බුද්ධිමත් නොවන යන්ත්‍ර ආධාරයෙන් පෘථිවි ගර්භයේ සායොන් (Zion) නැමැති අවසාන මිනිස් නගරයේ ජීවත් වන අතර සම්පත් හෝ ශක්තිය නැතත් බුද්ධිමත් යන්ත්‍ර වලට එරෙහිව සටන කෙසේ හෝ ගෙන යෑමට වෙර දරයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මේට්‍රික්ස් තුලට අනවසරයෙන් ඇතුල් වන්නන් බිහි වන අතර ඔවුන් හැකි තරම් මිනිසුන් මේට්‍රික්ස් වෙතින් මුදා ගැනීමට උත්සාහ කරයි. එහෙත් මිලියන ගණනක් ජනයා තම යතාර්ථය ලෙස පිළිගෙන ඇති මායාව, මායාවක් බව පෙන්වීම පහසු කාර්යයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම අනවසර ඇතුල් වන්නන් ගැන ඉව වැටෙන යන්ත්‍ර එය මැඩපැවැත්වීමට මේට්‍රික්ස් තුල ඒජන්තයන් (Agents) නම් ප්‍රබල භූතාර්ථ/ වැඩසටහන් බිහි කරයි. ඔවුන් පෙනුමෙන් මිනිසුන් හා සම වුවත්, කාය ශක්තිය හා අනෙකුත් හැකියාවන්ගෙන් මිනිසා අභිභවා යන අතර අනවසර ඇතුල් වන්නෙක් ගැන ඉව වැටුන විට ඔවුන් වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයා අල්වා මරා දමයි. ඒ අතරම යන්ත්‍ර අවසන් මිනිස් ජනාවාසය ඇති ස්ථානය සොයා විනාශ කිරීමට උත්සාහ කරමින් සිටී.
කෙසේ නමුදු මෙම යුද්ධය අවසන් කොට මිනිස් ජාතිය ගලවා ගැනීමට හැකි කෙනෙකු මේට්‍රික්ස් තුල උපදින බවට මේට්‍රික්ස් තුලම තිබෙන, අනාවැකි කීමට සමත් ඔරකල් නැමැති තවත් වැඩසටහනක් පවසන අතර මෝෆියස් එම ගැලවුම්කරුවා සොයා ගැනීමට සමත් වන බවත් පවසයි. මිනිසාගේ ගැලවුම්කරු කථා නායකයා වන නියෝ බව මෝෆියස් විශ්වාස කරන අතර අවසානයේදී (තුන් වන සිනමා පටය) මෝෆියස්ගේ විශ්වාසය නිවැරදි බව තහවුරු කරමින් නියෝ සියළු මිනිසුන් මේට්‍රික්ස් තුලින් නිදහස් කර ගැනීමටත් යන්ත්‍ර හා මිනිසා අතර පැවති යුද්ධය අවසන් කිරීමටත් සමත් වේ.
මේට්‍රික්ස් ථේරවාදී බෞද්ධ, හින්දු හා ජෛන පදනමක සිට කියවීම
කර්මය, පුනරුත්පත්තිය, ප්‍රඥප්ති, පරමත්ථ, රූප කලාප, සය වන ඉන්ද්‍රිය, දිබ්බ චක්ඛු (දිවැස්), දිබ්බ සෝත, ඉද්ධි විධ (ඉර්ධි බල), පර චිත්ත විජානනය, නිර්වාණය, බුදු කෙනෙකු බිහි වීම, ඊශ්වර, මහා බ්‍රහ්මන්, ප්‍රේත, කුම්භාන්ඩ, සමාධි, විදර්ශනා, ජවන සිත්, කුසල්, අකුසල්, භවංග සිත් වැනි සංකල්ප රැසක් මේට්‍රික්ස් තුල දැකිය හැකි අතර යම් යම් විසංවාදයන් ඇතිමුත් සැලකිය යුතු ආකාරයකින් මේට්‍රික්ස් මෙම පදනම් සමග සංගත වේ.
මේට්‍රික්ස් යනු ප්‍රඥප්තියකි. බුදු දහමේ හා හින්දු දහමේ මූලික සංකල්පයක් වන ප්‍රඥප්ති යන්නෙහි අර්ථය සැබෑ ලෙස පවතින බවට පංචේන්ද්‍රියන්ට ගෝචර වන එහෙත් නොපවතින ප්‍රපංචයන්ය (පවතී හෝ නොපවතී යන්නෙහි අර්ථය කුමක්ද යන්න වසර ගණන් තර්ක කල හැකි අතර, මෙම කොටසේ දී ලේඛකයාගේ අරමුණ ඉහත සඳහන් දැනුම් පද්ධතීන්ට සාපේක්ෂව සංවාදය ගෙන යෑම බව කරුණාවෙන් සලකන්න). බෞද්ධ දැනුම් පද්ධතිය තුල මෙය පැහැදිලි කොට ඇති උදාහරණය වන්නේ ගිණි පෙනෙල්ලක් කැරකවීමේදී පෙනෙන ගිණි වළල්ලය. ගිණි වළල්ල පවතින ප්‍රපංචයක් ලෙස නිරීක්ෂකයාට ගෝචර වන නමුත් එහි සැබෑවටම ඇත්තේ චලනය වන ගිණි පෙනෙල්ලකි. එනම් ගිණි වළල්ල යනු ප්‍රඥප්තියකි. මීලඟට ගිණි පෙනෙල්ල දෙස ද බැලූ කල එය වියලි පොල් කොල වල එකතුවක් බව පෙනේ. එම පොල් කොළ වෙන් කොට තැබූ කල එහි ගිනි පෙනෙල්ලක් නැති අතර ඇත්තේ පොල් කොල ගොඩකි. එනම් ගිණි පෙනෙල්ල ද ප්‍රඥප්තියකි. එසේ වෙන් කරන ලද පොල් කොලයක් දෙස පරීක්ෂාවෙන් බැලූ කල පෙනෙන්නේ එය ද ඉතා සිහින් පොල් පත් ඉරු විශාල ප්‍රමාණයක් එකට සම්භන්ධ වී නිමවී ඇති බවයි. ඒවා වෙන් කොට වෙන වෙනම තැබූ කල පොල් කොලයක් නැත. එනම් පොල් කොලය ද ප්‍රඥප්තියකි. මෙසේ බෙදා වෙන් කරමින් බොහෝ දුර යන විට අවසානයේ තව දුරටත් බෙදා වෙන් කල නොහැකි ප්‍රපංචයක් හසුවන අතර (මෙය හසු වන්නේ මනස නැමැති සය වන ඉන්ද්‍රියටයි) එය 'රූප කලාපයක්' ලෙස හඳුන්වනු ලැබේ. මෙලොව පංචේන්ද්‍රියන්ට ගෝචර වන සියළු වස්තු ප්‍රඥප්ති වන අතර ඕනෑම වස්තුවක් විවිධ රූප කලාප අසංඛ්‍ය ගණනක එකතුවකින් සෑදී ඇති බව බෞද්ධ හා හින්දු දැනුම් පද්ධතීන් වල පෙන්වා දේ.
මේට්‍රික්ස් තුල ද රූප කලාප යන්නට සමාන සංකල්පයක් දැකිය හැකි අතර මේට්‍රික්ස් තුල රූපකලාපයක් යනු පරිඝණක කේතකරණයේ මූලධාතූන් වූ 0 හෝ 1 වන අතර ඕනෑම වස්තුවක් 1 සහ 0 දහස් ගනණක එකතුවකින් සෑදී ඇත.
(මෙහි පැහැදිලි කිරීම මෙයට වඩා ඉතා සංකීර්ණ වන අතර බහුතරයක් පාඨකයාගේ පහසුව උදෙසා මෙසේ පැහැදිලි කොට ඇති බව සැලකිය යුතුය. උදාහරණයක් ලෙස මේට්‍රික්ස් නිර්මාණය කරන විට යන්ත්‍ර 1 සහ 0 යන බූලියානු සංකල්පයට වඩා බොහෝ දියුණු වී ඇති අතර සංකීර්ණ සංකේත මාලාවක් භාවිත කොට මේට්‍රික්ස් ගොඩනගා ඇත.)
මේට්‍රික්ස් තුලට ප්‍රථම වතාවට සම්බන්ධ කරණ ලද සියළු මිනිසුන්ට අදාලව ගිණුම් නිර්මාණය කොට ඇති අතර ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාවන් අනුව (මේට්‍රික්ස් තුලදී සියලු ක්‍රියාකාරකම් මනෝ මූලික වේ) මෙම ගිණුම් තුලට විවිධ අගයන් එකතු වන අතර ඉන් සමහරක් එම පුද්ගලයාගේ එම ජීවිත කාලයේදීම සිදුවන සමහර සිදුවීම් සහ පහළ වන සිතුවිලි වලට බලපායි. ඉන් පසු මේට්‍රික්ස් තුල මිනිස් හැකියා තුලනය හා අනෙකුත් හේතු රාශියක් උදෙසා එම පුද්ගලයාගේ මරණයෙන් පසු එම ගිණුම, නැවත අලුතෙන් සම්බන්ධ කරන දරුවෙකුට පවරණු ලබයි මෙම ගිණුම අනුව දරුවාගේ සහජ හැකියාවන්, දරුවාට සිදුවන යම් යම් දෑ සහ පහළ වන යම් සිතිවිලි පාලනය කරනු ලබන අතර එම දරුවාගේ ක්‍රියා පටිපාටීන් වලින් නැවත ගිණුමට යම් යම් දෑ එකතු වේ. එම පුද්ගලයාගේ ජීවිතය අවසානයේ එම ගිණුම තවත් අළුත උපන් දරුවෙකුට පවරයි (මෙම ගිණුම මේට්‍රික්ස් ඇතුලේ දිවි ගෙවන කිසිවෙකුගේ පංචේන්ද්‍රියට ගෝචර නොවන බව සිහි තබා ගත යුතුය).
මෙය ඉහත සඳහන් ඉන්දීය දැනුම් පද්ධතීන්ගේ කර්ම යන සංකල්පය සමග බෙහෙවින් සංගත වේ. එම ගිණුම කර්ම ගිණුම ලෙස නම් කල හැක. එම ගිණුමේ බලපෑමෙන් පහළ වන සිතිවිලි බුදු දහමේ එන ජවන සිත් වලට සමවේ. මේට්‍රික්ස් හි පුනරුත්පත්ති සංකල්පය ජෛන දැනුම් ප්ද්ධතීන් හා හින්දු ආගමේ භගවත් ගීතාවේ එන සංකල්ප සමග වඩා සංගතවන බව ලේඛකයාගේ මතයයි. භගවත් ගීතාවේ එන පරිදි ආත්මය ශරීර නිර්මාණය කරමින් විවිධ කූඩු වලට මාරු වේ.
"එම්බා ආත්මය තා ගින්නකින් දැවිය නොහැක, කඩුවකින් කැපිය නොහැක, කුරුල්ලෙක් කූඩුවක් හැර කූඩුවක් තනන්නා සේ තාත් ශරීරයෙන් ශරීරයට යයි." -භගවත් ගීතාව
මේට්‍රික්ස් හීදී ආත්මය යනු මේට්‍රික්ස් තුල ඇති කර්ම ගිණුම ලෙස සැලකිය හැකි අතර එය එක් ශරීරයක අභාවයෙන් පසු නව ශරීරයක් අත් පත් කරගන්නා අතර එම ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යමින් නොනවතින ගමනක යෙදේ.
(පහත කොටසේ කිසිම අවස්ථාවක ක්‍රමය යන්නෙන් අදහස් කරන්නේ සමාජ ක්‍රමය නොවන බව සලකන්න.)
බුදු කෙනෙකු යනු ක්‍රමය තුලින්ම බිහි වන, එහෙත් ක්‍රමය අභාවයට පත්කිරීමට පත් කිරීමට වෙර දරණ ප්‍රපංචයකි. එයට හේතුව බුදුවරයෙකු හට ක්‍රමය තුල ඇති, කර්ම, සංසාර චක්‍ර වැනි පංචේන්ද්‍රියට ගෝචර නොවන යාන්ත්‍රණ ගෝචර වීමයි. සියළු සත්වයා බුද්ධ මාර්ගය තෝරා ගතහොත්, වෙනත් අයුරකින් කිවහොත් සියළු සත්වයා නිර්වාණය අවබෝධ කර ගතහොත් ඉන් පසු මෙම සත්වයන් චක්‍රයක උපදින, කර්ම රැස් වෙන ක්‍රමයක් නොපවතී. මේ අනුව බුදු කෙනෙකු යන්න ක්‍රමයේ දෘෂ්ටිකෝණයෙන් බලන කල අනියමයකි (anomaly).
මේට්‍රික්ස් හි නියෝද අනියමයකි. නියෝ සතුව ඇති කර්ම ගිණුම කාලාන්තරයක් මුළුල්ලේ තුලනය නොකරණ ලද සමීකරණ විශාල ගණනක සංධ්වනියකි (a harmony of unbalanced equations). තුලනය නොකරන සමීකරණ ඇති වීමට මූලය පහත පරිදි පැහැදිලි කල හැක. ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදිය ක්‍රමය පවත්වා ගැනීමට ආධාර වේ. යමෙකු තම පණට වඩා පර පණ උතුම් කොට සැලකීම ක්‍රමයෙහි තුලනය බිඳ දමයි. යමෙක් මේට්‍රික්ස් තුල තම පණ තවත් කෙනෙකු වෙනුවෙන් පූජා කල අවස්ථාවකදී එම සිතුවිලි වලින් ඔහුගේ කර්ම ගිණුම වෙනස් වේ. එම කර්ම ගිණුම මීලඟට හිමි වන පුද්ගලයාත් ගිණුමේ බලපෑමෙන් පරාර්ථකාමී වේ. එම පුද්ගලයාත් ගිණුමට එකතු කරන්නේ ක්‍රමය බලාපොරොත්තු වන දේ නොවේ. මෙය දිගින් දිගටම යන අතර අවසානයේ නියෝ වැනි අනියමයක් බිහිවේ. මෙය බුදු වීමට පෙරුම් පිරීමට බොහෝ සමාන බව පාඨකයාට අවබෝධවනු ඇත. ආත්ම ගණනාවක් තුල තම කර්ම වෙනස් කරමින් පැමිණ අවසානයේ බුද්ධත්වය ලැබීම මේ සමග සංගත වේ (විසංවාදයන් ඇතත් මූලික අදහස් සංගත භාවයක් දක්වයි).
කෙසේ නමුත්, ක්‍රමයෙහිම පැවැත්මට තර්ජනයක් වන ප්‍රපංචයක්, ක්‍රමය විසින්ම නිපදවෙන්නේ කෙසේද යන්නත්, එය වැලැක්වීමට යාන්ත්‍රණයක් ක්‍රමය තුල නොමැතිද යන ගැටළුවත් පාඨකයාට මතු වීමට ඉඩ ඇති අතර එයට ඇති සවිස්තරාත්මක පිළිතුර ඉතා සංකීර්ණ හා දිගු වන නියාවෙන් දැනට කෙටි හා සරල පිළිතුරකට යෑමට අදහස් කෙරේ. කෙටි පිළිතුර නම් ක්‍රමයට එය වැළැක්විය නොහැකි නමුත්, ක්‍රමය එයට සූදානම් බවයි.
ඇත්ත ඇති සැටියෙන් දැකීම, එනම් ප්‍රඥප්ති, ප්‍රඥප්ති ලෙසත් රූපකලාප වල එකතුවක් බවත් දැකීමට ගෞතම බුදුන්ට හැකි ලෙසම පළමු සිනමා පටය කෙලවර නියෝටත් මේට්‍රික්ස් එය ගොඩනගා ඇති මූල ධාතු වල එකතුවක් ලෙස ගෝචර වේ. බුදුන් හෝ රහතන් වහන්සේ කෙනෙකුගේ ලොව තුල ගැහැණියක් හෝ පුටුවක් නැති අතර ඇත්තේ විවිධ හැඩයන්ට සැකසුන රූප කලාප එකතුවකි. මෙයට සමගාමී ලෙස මේට්‍රික්ස් තුලදී නියෝගේ ලොව තුලත් ගැහැණියක් හෝ පුටුවක් නැති අතර ඇත්තේ විවිධ ස්වරූපයෙන් සම්බන්ධ වූ පරිඝනක කේත අක්ෂර රාශියකි.
අවසාන වශයෙන් ජෛන, හින්දු හා බෞද්ධ පමණක් නොව ඒ සමකාලීන ඉන්දීය දැනුම් පද්ධතීන් බහුතරයකම දැනුම නිර්මාණය කරන මෙවලම වී ඇත්තේ සය වන ඉන්ද්‍රිය සේ සැලකෙන මනසයි. එම මෙවලම දියුණු කිරීමෙන් අනෙකුත් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන සියුම් දෑ එයට ගෝචර කර ගත හැකි බවත්, විවිධ හැකියා රාශියක් (දිබ්බ චක්ඛු, පර චිත්ත විජානන, ඉද්ධි විධ) ලබා ගත හැකි බවත් විශ්වාස කෙරේ.
මෙයට සමගාමී ලෙස, මනස දියුණු කර ගැනීමෙන් මේට්‍රික්ස් තුල විස්කම් රාශියක් කල හැකි වේ. මේට්‍රික්ස් තුල ප්‍රෙක්ෂකයා අත්විඳින විස්මය දනවන සටන් ජවනිකා, ඉතා දීර්ඝ පිමි පැනීමට ඇති හැකියාව හා නියෝ අවසානයේ ලබා ගන්නා පියාසර කිරීමේ හැකියාව වැනි සියල්ල මනස දියුණු කිරීමේ ප්‍රතිඵල වේ. තවත් සංකල්ප රාශියක් ගැන සාකච්ඡා කල හැකි මුත් ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වළක්වනු පිණිස මෙමෙ කොටස මෙයින් අවසන් කෙරේ.
මේට්‍රික්ස් කතෝලික හා ඉස්ලාමීය පදනමක සිට කියවීම
සියල්ලට පළමුව සඳහන් කල යුතු කාරණව වන්නේ කතෝලික හා ඉස්ලාම් යන දැනුම් පද්ධතීන් ද්විත්වයෙහිම එන ලෝක නිර්මාපක හා පාලක දෙවියන් වහන්සේ එකම ප්‍රපංචයක් බවයි. ජේසු තුමා කතෝලික පද්ධතිය තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැලකෙන අතර නැවත වතාවත් ජේසු තුමා මිහි මතට පැමිණෙන බවත් එවිට සියළු මිනිස් වර්ගයා නිදහස ලබන බවත් විශ්වාස කෙරේ (කෙටි විග්‍රහයක් පමණක් බව සලකන්න). ඉස්ලාම් පද්ධතීන් තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා පළමු වතාවට ලොවට පැමිණෙන්නේ රජ කෙනෙක් ලෙස බව විශ්වාස කරන අතර ජේසු තුමා දිලින්දෙකු ලෙස උපත ලද නිසා දෙවියන්ගේ පුතුන් නොව නබිවරයෙකු ලෙස පමණක් සලකනු ලැබේ. තවත් වෙනස් කම් ඇතත් මූල ධාතුව වන දෙවියන් වහන්සේ එකම ප්‍රපංචයකි.
මේට්‍රික්ස් හි දි ආකිටෙක්ට් (The Architect) නැමැති ප්‍රපංචය මේට්‍රික්ස් තුල සිටින්නන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෙස සැලකිය හැක. ද ආකිටෙක්ට් යනු පරිඝනක ක්‍රමලේඛනය කිරීමේ (computer programming) හැකියාව ඇති සුපිරි වැඩසටහනක් වන අතර, මේට්‍රික්ස් නැමැති ලෝකයම නිර්මාණය කොට තිබෙන්නේ එම ප්‍රපංචය විසිනි.
ඉස්ලාම් හා කතෝලික දැනුම් පද්ධතීන්ගේ එන දෙවියන් වහන්සේ ලෝක නිර්මාණයේදී හා පවත්වාගෙන යෑමේදී මුහුණ දී ඇති හා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ යම් අදහසක් දි ආකිටෙක්ට් විෂ්ලේශණයෙන් ලබා ගත හැක.
මේට්‍රික්ස් යනු අධි සංකීර්ණ පද්ධතියකි. ට්‍රිලියන ගණනක් අන්තර් ක්‍රියා සහිත එවන් ගතික පද්ධතියක් නිර්මාණය කිරීමත් එහි තුලනය පවත්වාගෙන යෑමත් සරල කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. දි ආර්කිටෙක්ට් පවසන පරිදි මේට්‍රික්ස් විවිධ වෙනස් කම් සිදුකරමින් සය වතාවක් නිපදවා ඇති අතර එම සියළු අවස්ථාවල පද්ධතිය පවත්වා ගැනීමට දි ආර්කිටෙක්ට් අපොහොසත් වී ඇත. උදාහරණයක් ලෙස, පළමු වතාවට ලෝකය (මේට්‍රික්ස්) නිර්මාණය කිරීමේ දී එය දුකෙන් තොර ලොවක් ලෙස නිර්මාණය කොට ඇති අතර එහිදී මේට්‍රික්ස් තුල දිවි ගෙවන්නන් එය තම යතාර්ථය ලෙස පිළිගැනීම දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමට පෙලඹීම හේතුවෙන් එම පද්ධතිය පවත්වාගෙන යාමට ආකිටෙක්ට් අපොහොසත් වී ඇත. මීලඟට නිර්මිත ලෝකය තුලට පීඩාව, කුරිරු බව, හිංසනය ආදිය දි ආර්කිටෙක්ට් (දෙවියන් වහන්සේ) විසින්ම ඇතුල් කරනු ලබන්නේ පද්ධතිය පවත්වා ගැනීමට එය අත්‍යාවශ්‍ය බැවිනි.

සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

2015 අවුරුද්දේ ඵලමු පෝය වෙනුවෙන් ධර්මදානය පිනිස ලබාදෙන මෙම වටිනා පිරිත් සැම බෟද්ධයකුගේම පරිගනකයක් තුල තිබියයුතුම දෙයක් වෙනවා..
පිරිත් අහන්න කැමති අයටනන් මේක ගොඩක් ප්‍රයෝජනවත්
internet එකේ පිරිත් download කරන්න ගියාම ලොකු අපහසුතාවයකට පත්වෙනේ එක එක download කරන්න ඕන නිසා.ගිමෙතනින් සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .

මෙහි ඇතුලත් පිරිත් රාජයානන් වහන්සේලා,
අංගුලිමාල පිරිත.
අටවිසි පිරිත.
බොජ්ජංග පිරිත.
ධජග්ග සුත්‍රය.
කංද පිරිත.
මහ මොග්ගල්ලාන සුත්‍රය.
මහ පිරිත.
මොර පිරිත.
රතන සුත්‍රය.
සිවලි පිරිත.
වට්ටක පිරිත.

Download Link >>>> http://adf.ly/wfbnw
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Free Opener | 80 File Type On One Software

අඬුව තියෙද්දී අත පුච්චගන්න එපා..!

 

අපි PC එක පාවිච්චි කරන වෙලාවට අපිට ගොඩාක් Software ඕනේ වෙනවා අපිට වැඩ කරන්න... ඒකට අපි එක එක විදිහේ Software පාවිච්චි කරනවා...ඒත් මේකෙන් පුළුවන් ඒ ඔක්කොම වැඩ කරගන්න... මේකේ නම Free Opener.. File වර්ග 80කට වඩා මේකෙන් Open කරන්න පුළුවන්... වීඩියෝ, ෆොටෝ, PDF වගේ වැදගත්ම Files මේකෙන් Open කරගන්න පුළුවන්...ඉතින් මොකටද මේ වගේ Software එකක් තියෙද්දී එක එක Software install කරලා PC එක Slow කරගන්නේ....?

Download Link >>>> http://adf.ly/wnRYy

100+ Windows සඳහා Keyboard Shotcuts

100+ Windows සඳහා Keyboard Shotcuts

 
පරිගනකය තුල අපගේ ක්‍රියාවන් වෙගවත් කරගැනිමට අප කෙටිමන් යොදාගන්නවා.අද ඔබගේ කටයුතු පහසු කරගැනිමට අප මෙවගේ Keyboard Shotcuts100+ ලබාදෙනවා..
විස්තර නම් තියෙන්නේ English වලින් ඒකට sorry වෙන්න ඕනේ......
The General Shortcuts
CTRL+C (Copy)
CTRL+X (Cut)
CTRL+V (Paste)
CTRL+Z (Undo)
Delete (Delete)
Shift+Delete (Delete the selected item permanently without placing the item in the Recycle Bin)
CTRL while dragging an item (Copy the selected item)
CTRL+Shift while dragging an item (Create a shortcut to the selected item)
F2 key (Rename the selected item)
CTRL+RIGHT ARROW (Move the insertion point to the beginning of the next word)
CTRL+LEFT ARROW (Move the insertion point to the beginning of the previous word)
CTRL+DOWN ARROW (Move the insertion point to the beginning of the next paragraph)
CTRL+UP ARROW (Move the insertion point to the beginning of the previous paragraph)
CTRL+Shift with any of the arrow keys (Highlight a block of text)
Shift with any of the arrow keys (Select more than one item in a window or on the desktop, or select text in a document)
CTRL+A (Select all)
F3 key (Search for a file or a folder)

Alt+Enter (View the properties for the selected item)
Alt+F4 (Close the active item, or quit the active program)
Alt+Enter (Display the properties of the selected object)
Alt+Spacebar (Open the shortcut menu for the active window)
CTRL+F4 (Close the active document in programs that enable you to have multiple documents open simultaneously)
Alt+Tab (Switch between the open items)
Alt+ESC (Cycle through items in the order that they had been opened)
F6 key (Cycle through the screen elements in a window or on the desktop)
F4 key (Display the Address bar list in My Computer or Windows Explorer)
Shift+F10 (Display the shortcut menu for the selected item)
Alt+Spacebar (Display the System menu for the active window)
CTRL+ESC (Display the Start menu)
Alt+Underlined letter in a menu name (Display the corresponding menu)
Underlined letter in a command name on an open menu (Perform the corresponding command)
F10 key (Activate the menu bar in the active program)
RIGHT ARROW (Open the next menu to the right, or open a submenu)
LEFT ARROW (Open the next menu to the left, or close a submenu)
F5 key (Update the active window)
Backspace (View the folder one level up in My Computer or Windows Explorer)
ESC (Cancel the current task)
Shift when you insert a CD-ROM into the CD-ROM drive (Prevent the CD-ROM from automatically playing)

Dialog Box Keyboard Shortcuts
CTRL+Tab (Move forward through the tabs)
CTRL+Shift+Tab (Move backward through the tabs)
Tab (Move forward through the options)
Shift+Tab (Move backward through the options)
Alt+Underlined letter (Perform the corresponding command or select the corresponding option)
Enter (Perform the command for the active option or button)
Spacebar (Select or clear the check box if the active option is a check box)
Arrow keys (Select a button if the active option is a group of option buttons)
F1 key (Display Help)
F4 key (Display the items in the active list)
Backspace (Open a folder one level up if a folder is selected in the Save As or Open dialog box)

Microsoft Natural Keyboard Shortcuts
Win (Display or hide the Start menu)
Win+BREAK (Display the System Properties dialog box)
Win+D (Display the desktop)
Win+M (Minimize all of the windows)
Win+Shift+M (Restore the minimized windows)
Win+E (Open My Computer)
Win+F (Search for a file or a folder)
CTRL+Win+F (Search for computers)
Win+F1 (Display Windows Help)
Win+ L (Lock the keyboard)
Win+R (Open the Run dialog box)
Win+U (Open Utility Manager)

Accessibility Keyboard Shortcuts
Right Shift for eight seconds (Switch FilterKeys either on or off)
Left Alt+left Shift+PRINT SCREEN (Switch High Contrast either on or off)
Left Alt+left Shift+NUM LOCK (Switch the MouseKeys either on or off)
Shift five times (Switch the StickyKeys either on or off)
NUM LOCK for five seconds (Switch the ToggleKeys either on or off)
Win +U (Open Utility Manager)

Windows Explorer Keyboard Shortcuts
END (Display the bottom of the active window)
HOME (Display the top of the active window)
NUM LOCK+* (Display all of the subfolders that are under the selected folder)
NUM LOCK++ (Display the contents of the selected folder)
NUM LOCK+- (Collapse the selected folder)
LEFT ARROW (Collapse the current selection if it is expanded, or select the parent folder)
RIGHT ARROW (Display the current selection if it is collapsed, or select the first subfolder)

Shortcut Keys for Character Map
After you double-click a character on the grid of characters, you can move through the grid by using the keyboard shortcuts:
RIGHT ARROW (Move to the right or to the beginning of the next line)
LEFT ARROW (Move to the left or to the end of the previous line)
UP ARROW (Move up one row)
DOWN ARROW (Move down one row)
PAGE UP (Move up one screen at a time)
PAGE DOWN (Move down one screen at a time)
HOME (Move to the beginning of the line)
END (Move to the end of the line)
CTRL+HOME (Move to the first character)
CTRL+END (Move to the last character)
Spacebar (Switch between Enlarged and Nor mal mode when a character is selected)

Microsoft Management Console (MMC) Main Window Keyboard Shortcuts
CTRL+O (Open a saved console)
CTRL+N (Open a new console)
CTRL+S (Save the open console)
CTRL+M (Add or remove a console item)
CTRL+W (Open a new window)
F5 key (Update the content of all console windows)
Alt+Spacebar (Display the MMC window menu)
Alt+F4 (Close the console)
Alt+A (Display the Action menu)
Alt+V (Display the View menu)
Alt+F (Display the File menu)
Alt+O (Display the Favorites menu)

MMC Console Window Keyboard Shortcuts
CTRL+P (Print the current page or active pane)
Alt+- (Display the window menu for the active console window)
Shift+F10 (Display the Action shortcut menu for the selected item)
F1 key (Open the Help topic, if any, for the selected item)
F5 key (Update the content of all console windows)
CTRL+F10 (Maximize the active console window)
CTRL+F5 (Restore the active console window)
Alt+Enter (Display the Properties dialog box, if any, for the selected item)
F2 key (Rename the selected item)
CTRL+F4 (Close the active console window. When a console has only one console window, this shortcut closes the console)
Remote Desktop Connection Navigation

CTRL+Alt+END (Open the m*cro$oft Windows NT Security dialog box)
Alt+PAGE UP (Switch between programs from left to right)
Alt+PAGE DOWN (Switch between programs from right to left)
Alt+INSERT (Cycle through the programs in most recently used order)
Alt+HOME (Display the Start menu)
CTRL+Alt+BREAK (Switch the client computer between a window and a full screen)
Alt+Delete (Display the Windows menu)
CTRL+Alt+- (Place a snapshot of the active window in the client on the Terminal server clipboard and provide the same functionality as pressing PRINT SCREEN on a local computer.)
CTRL+Alt++ (Place a snapshot of the entire client window area on the Terminal server clipboard and provide the same functionality as pressing Alt+PRINT SCREEN on a local computer.)

Internet Explorer navigation
CTRL+B (Open the Organize Favorites dialog box)
CTRL+E (Open the Search bar)
CTRL+F (Start the Find utility)
CTRL+H (Open the History bar)
CTRL+I (Open the Favorites bar)
CTRL+L (Open the Open dialog box)
CTRL+N (Start another instance of the browser with the same Web address)
CTRL+O (Open the Open dialog box, the same as CTRL+L)
CTRL+P (Open the Print dialog box)
CTRL+R (Update the current Web page)
CTRL+W (Close the current window)

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

internet speed එක වැඩි කරගමු,.

internet speed එක වැඩි කරගමු,.
 
මම අද දෙන්න යන්නේ පොඩි extensions එකක්.. කරන්න තියෙන්නේ එක දාගන්න එක විතරය්.. මේක දාලම බලන්නකෝ වෙනස කොහොමද කියල. google ඇඩ්සෙන්ස් වත් පෙන්නන්නේ නැ..
මෙතනික් ගිහිල්ල firefox එකට add කරගන්න
Download Link >>>> http://adf.ly/wf96r
මෙතනික් ගිහිල්ල chrome එකට add කරගන්න
Download Link >>>> http://adf.ly/wf9BE

 කරදරයක් වගේනන් මෙතනින් නවත්තන්න
 
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක් (6 WAYS TO BE A TRUE FRIEND TO YOUR FRIENDS )

ඔබේ යාලුවෙක්ට,ඔබ හොද,ඇත්තම යාලුවෙක් වීමට ක්‍රම 6ක්
(6 WAYS TO BE A TRUE FRIEND TO YOUR FRIENDS )


යාලුවෙක් (FRIEND කෙනෙක්) කියල කියන්නෙ කාටද?
සතුටෙදි ළග ඉන්න,පාරෙදි දැක්කම"හායි මචන්" කියල යන කෙනාටද.නැත්තම් ලොකෙ තියෙන හැම හොද/නරක වැඩේටම ළගට වෙලා ඉන්න කෙනටද.එහෙමත් නැත්තම් "එල මචන්" කියල ෆිට් 1ක් දීල අපි යමන් කියන ඕනම තැනකට පස්සෙන් එන,පස්සෙන් යන ප්‍රශ්නයක් උනාම වචනෙන් හරි "බොක්ක උනත් දෙනව බන්" කියන කෙනාටද.
ඔව්,එක අතකට මේ අයගෙන් කෙනෙක් යාලුවෙක් වෙන්නත් පුලුවන්.ඒත් මං අද කතා කරන්නෙ කෙනෙක්ට යාලුවෙක් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි ඊට ගොඩක් දුරට සමානකම් තියෙන,ගොඩක් දුරට වෙනස්,හොද යලුවෙක් වෙන්නෙ කොහොමද කියන එකයි.
හොද යාලුවෙක් කියන්නෙ කාටද?
හොද යලුවෙක් කියන්නෙ සතුටෙදි වගේම දුකේදිත් ලගින්ම ඉන්න,තමන්ගෙ දුකට,වැරැද්දට හිනා නොවී ඒව හදන්න උත්සහ කරන,තමන්ට ගරු කරන අන් අයටත් ගරු කරන අපිට වැරදීමක් උන තැනකදි අපිට GUIDE කරන්න පුලුවන් සත්වයෙකුටයි,විශේෂිතම දේ නම් ඔහු හො ඇය මිනිස් සත්වයෙකුම වීම අත්‍යාවශය නැත.අත්‍යාවශය දේ වන්නේ හොද යාලුකමක් (FRIENDSHIP එකක්) පමණයි.

ඔබ තවත් කෙනෙක්ට,හොද යාලුවෙක් වෙන්නෙ කොහොමද?
1) හැමවෙලාවකම කාරුණික වෙන්න,අවශ්‍ය වෙලාවට SERIOUS වෙන්න,අනිත් හැමවෙලාවෙම ඔවුන් එක්ක විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ඉන්න.
 
2) එකිනෙකාට අවංක වෙන්න.කවදාවත් තමන්ගෙ යාලුවන්ට ඇත්ත කියන්න බය වෙන්න එපා.OPEN MINDED වෙන්න.
 
3) අවශ්‍යය වුන වෙලාවට අවංක සිතුවිල්ලෙන් ඔවුන්ට උදවු කරන්න,මග පෙන්වන්න.
 
4) ඔවුන්ගේ ජයග්‍රහනවලට වඩා පරාජයේදී ලගින් ඉන්න,වැරදුන තැන් හා හදාගන්න ක්‍රම ඔබට හැකි පමණින් පෙන්වා දෙන්න.
 
5) ඔබේ යාලුවාට ඔහුට ලැබිය යුතු ගරුත්වය ලබා දීමට අවංක වෙන්න.ඔහු/ඇය ලැබිය යුතු ප්‍රසංශා,වර්ණනා ඔවුන් වෙත ලබා දීමට ඔබ අවංක වෙන්න.
 
6) ඔබ ඔවුන් වෙනුවෙන් කරන සෑම දෙයක්ම ඔවුන්ද ඔබ වෙනුවෙන් කරාවි යැයි බලාපොරොත්තු නොවෙන්න,මොකද ඔවුන්ට ඒ වගකීම් අතපසු වුනහොත් ඔබ දුකට පත් වීමටත්,සමහරවිට යාලුකමේ කෙලවර වීමටත් එය ඉඩ ඇත.
 
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

PCඑකේ File Copy වෙන Style එක වෙනස් කරමුද ?

PCඑකේ File Copy වෙන Style එක වෙනස් කරමුද ?
 
මේ වැඩෙන් වෙන්නේ ඔයලගෙ Windows 7 එකේ File Copy වෙන Style එක වෙනස් වෙන එක. මෙකට පුංචි මෘදුකාංගයක් තියෙනවා එකේ නම තමයි Nyan Cat ඔයාලත් මේ වැඩෙ කරලා බලන්න. . .බලන්නකෝ කොහොමද වැඩේ කියලා . .
Download Link >>>> http://adf.ly/wejeH
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගනකයේ Install කිරීමට පුලුවන් මෘදුකාංගයක්

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගනකයේ Install කිරීමට පුලුවන් මෘදුකාංගයක් 




ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධති වල පමණයි. නමුත් Blue Stacks කියලා Software එකක් තියෙනවා ඒක පරිගනකයේ Install කරලා අපිට පුලුවන් පරිගණකයෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න. Blue Stacks මෘදුකාංගය free දෙන එකක් ඒක Blue Stacks වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන්
මෙතනින් ගන්න.

Download Link >>>> http://adf.ly/weixG
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පට්ට CAR RACING GAME එකක් මේක >>> City Racing[26MB]

පට්ට CAR RACING GAME එකක් මේක >>> City Racing[26MB] 
 
[26MB] වලට පට්ට CAR RACING GAME එකක් මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.
Download Link >>>> http://adf.ly/weDGJ
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈