හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

ෆොටෝ එකක් අතින් ඇන්දා වගේ හදා ගනිමු.

තමන්ගේ ෆොටෝ එකක් ස්කෙට්ච් කරලා එහෙම නැතිනම් අතින් ඇන්දා වගේ සකස් කරලා, යාලුවෝෆේස් බුකියට දාලා තියෙනවා ඔයාලා දැකල ඇති. සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්නේ ෆොටෝෂොප් වලින්. ඒත් අපි ෆොටෝෂොප් එක්ස්පර්ට්ලා නෙවෙයි කියමුකෝ. එහෙම අයට මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි මේ විස්තරේ.
ස්නැප්ස් ටච් වෙබ් අඩවියට මෙතනින් යන්න.


Site Link >>>> http://adf.ly/xvon5

චූස් ෆයිල් බට්න් එක ක්ලික් කරලා ෆොටෝ එක තෝරන්න. ඊළගට අප්ලෝඩ්. දැන් ස්කෙච් ඉට්. කොහොමද වැඩේ. ඩවුන්ලෝඩ් කරගෙන බුකියට දාලාම බලන්නකෝ. තව පේයින්ටින්, ඩ්‍රොවින්ග්, අවුට්ලයින්, සිංගල්ෂේඩ් වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. අර වගේමයි. කරලාම බලන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මොකද කියන්නේ FaceBook හැක් කරමුද


හැමෝගෙම සිහිනයක් තමයි fb එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න. පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට ආරක්ශාව අතින් පේස්බුක් ටිකක් ඉදිරියට ඇවිත්,

හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක් ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව..
මේ වෙබ් පිටුවට යන්න මුලින්ම


Site Link >>>> http://adf.ly/xvMIr

දැන් මේ තියන රූපය හොදින් කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ.
හරියට FB එකෙන් එන විදිහට තමා....

හරි, ඉතින් මේ ඊමේල් එක ලැබුනාම කෙනෙක් එයගේ පාස්වර්ඩ් එක මාරු කරගෙන නම් අපිට කිසි අවුලක් නැතිවම ඒ ගිනුමට ලොග් වෙන්න පුලුවන්.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/ ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න

මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා. මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

Notepad Open කරගන්න.


යට තියන කෝඩ් එක Copy >>>>> Paste කර ගන්න...

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

දැන් anything.vbs කියල save කරන්න.
ඒක ඕපන් කරල බලන්න.

නවත්තන හැටි මෙතන......

Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.

Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න

වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)

යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..

මේ Script එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)

කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න.
එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome, වගේ නමකට )

අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පින්බර නවම් පුන් පොහෝ දිනය



බෞද්ධයා - The Buddhist


ගෞතම සම්බුදු සසුනේ වන්දනීයවුත් පූජනීයවුත් කාරණවන් කිහිපයක් සිදු වූ පින්බර නවම් පුන් පොහෝ දිනය පුරාවටම අපි පිරිනිවී වැඩි රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් උපෝසථ ශීලය සමාදන් වෙමු.


නවම් පුන් පෝදා සිදුවූ සුවිශේෂ සිදුවීම් මෙසේය…

• සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.

• ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය

• බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.

• බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

ඒ භාග්‍යවත්වූ අරහත් වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!!!

::: තෙරුවන් සරණයි...! ::::

Love Meter එක අරන්ම බලන්නකෝ (365KB only)

Love Meter එක අරන්ම බලන්නකෝ (365KB only) ඔන්න අපේකෙනෙක් හදපු තවත් software එකක් ගෙනාවා.... මේක Love meter එකක්.. ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ... ඉතින් අරන්ම බලන්නකෝ ,මෙතනින් ගන්න

Download Link >>>> http://adf.ly/xb7PI


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈


Unlike · · Share

නෝට් පෑඩ් එකක් ඔටෝ ලියවෙන විදියට හදමු ද?

ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල ඔටෝ ලියවෙන නෝට් පෑඩ් එකක් එකක් හදන විදිහයි. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

මුලින්ම මන් මේ පහල දෙන code එක notepad එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: AutoWriting.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ..........


set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 500
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "I"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "L"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "V"
WScript.Sleep 500
WshShell.SendKeys "E"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "U"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys " >> I LOVE YOU!!!!!!"

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.

අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මල් කැකුලියකට පෙම් කළෙමි


සිහිනයක පා පියුම් ඔසවා
සොඳුරු ගමනක් යන එනා
පුංචි මල් කැකුලියක් මා වෙත
හොරෙන් ඉගි බිගි කම් කලා


එදෙස නොබලා යනෙන මොහොතේ
මල් කැකුල මුකුලිත වෙලා
කඳුලු සලමින් මදෙස බලමින්
කුමක්දෝ මට පැවසුවා

"නොයනු මැන මා මෙලෙස තනිකර
ලොවේ අද මං තනිවෙලා
පාලුවත් කඳුලත් දුකත් අද
නොඅඩුවම මට හිමි වෙලා "

ගලා යන ඒ කඳුලු අතරින්
සිහින් වදනක් පිට උනා
ඇසත් හඬවා හිතත් පාරා
මගේ හදවත දුක් උනා

ගලා ගිය උනු කදූලු කැට මම
මගේ දෑතින් පිස දමා
මල් කැකුලෙ පාලුව මකන්නට
මල් කැකුල ලග නැවතුනා

" ආදරෙයි මං සෑම දාටම
මගේ පොඩි බඹරා ඔයා
ඉන්නකෝ මං ; ලඟින් හැමවිට
මල් සුවඳ , රොන් උර උරා "

නොසිතු සිතුමන් නොපැතු පැතුමන්
ආදරේ ලඟ ඉටුවෙලා
කිසිම දිනකදි නොවුනු ලෙස මගෙ
හදවතත් කුල් මත් වෙලා

පුරා සඳවත නීල අහසේ
දසත රැස් එලි විහිදුවා
සිටුනු දුටු මට අමාවක ගැන
අනේ ඇයි අමතක වෙලා ?

දිනෙන් දින සති ගෙවී හනිකට
මල් කැකුල විකසිත වෙලා
යනෙන බඹරුත් ඇගේ පිරිවර
සමග ටික ටික එක් වෙලා

බඹර කුලයක රජස් බඹරෙක්
ඇගේ සිත ලග නැවතිලා
පාන සෙනෙහෙට ඈට මං ගැන
වගක් වත් දැන් නැති වෙලා

එදැක හිත් මල දුකින් තෙරපී
දෑස කඳුලින් තෙත්වෙලා
තිබුන සිහිනය මගේ නෙත් ලග
අද හැබෑවට සිදු වෙලා

✾ ✾ ✾

යනෙන ගමනත් අතැර දා මම
නැවතුනේ කුමරියෙ මගේ
මුලදි බිව් කඳුලකුදු අද නුඹ
සිතට ඇයි අමතක අනේ

සිටිය මුත් නුබ ලඟදි අද දින
බොහෝ බඹරුන් නෙක ලොවේ
පරව ගිය දා කිසිවෙකුත් නැත
එදින නම් නුබ පසු තැවේ

පෙරදි නුබ ලඟ තිබුනු දුක් ගිනි
සියල්ලම මම පොදි බැදන්
යන්න අවසර යලි නොඑන්නම
මගේ කුමරියෙ රත්තරන්

හැරයන මම - කාලයක් නුඹම වෙනුවෙන් හුන් අහිංසක බඹරා...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

LOVE OVERLOAD

මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ ‍කෙල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මගේ සිහිනය

මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක් වගේ හැඟීමක්. අනික අය ද ඒ ගැන මට නිතර අවවාද කලා. හීන නැති නිසා හොඳින් නින්ද ගිය නමුත් අනික් උන් පෙරදා රැයේ දුටු හීන ගැන දොඩද්දී මම කොන් වුනා. මම ලතැවුල්ලේන් වගේ බෝඩිමෙන් පිට වෙලා ඇවිද ගෙන ගියා. මගෙ අරමුණ වුනේ කෙසේ හෝ හීනයක් දැකීම.


එදා මහ පාරෙදි අහම්බෙන් වගේ් මට හීනයක් මුණ ගැසුනා. නිවි නිවී දැල්වෙන දෑසක් ද, අක් බමරු කෙහෙ-වරලක් ද තිබූ ඒ දිව්‍යමය හීනය මම බෝඩිමට අරන් ගියා. මගෙ ලොකර් එකේ තිබුණු හිස් වීවා බෝතලේක දාලා මම ඒ හීනය ඇති දැඩි කළා. එදා ඉඳන් හැම ?කම අනික් එවුන්ට හොරෙන් මම එ් හීනය එළියට අරන් එ්කෙ නළල ඉඹලා නිදිය ගත්තෙ. දවසක් මම නිදි අතරෙ බෝතලේ මූඩිය එයාම ඇරගෙන එයා මගෙ ඔලූවට රිංගුවා. මෙන්න යකඩෝ එදා ඉඳන් මටත් හීන පේනවා....! මම සතුටින් උදම් වුනා. හැබැයි මගෙ හීනෙ අනික් එවුන්ගෙ ඒවා වගේ නෙමෙයි. සැහැල්ලූයි. පුදුම සැහැල්ලූයි. කොච්චර සැහැල්ලූ ද කියනවනම් මම ඒක පෙනෙද්දී ඇඳෙන් අඟල් දෙක තුනක් උඩට ඇවිත් පාවෙන්න ගත්තා. මේක දිගින් දිගටම උණා.

මේක බලන් හිටපු මැරිච්ච නිව්ටන් මගෙ හීනෙට බලන් ඇතුල් වුනා.”උඹ හින්දා ගුරුත්වාකර්ෂණ නියමයට කෙළවෙනවා මිනිහෝ...!” කියලා එයා ලොකුම ලොකු කාර් එකකුයි ගෙයකුයි ඉඩමකුයි මගෙ හීනය උඩින් තිබ්බා. ඒ බරට ඇඳ කඩාගෙන මමයි හීනයයි බිම වැටුනා. මට ඇහැරුණා. මම දුවලා ගිහින් බෝතලේ බැලූවා. ඒක ඇතුළේ හිස්. එ වෙනුවට රවුම් අත් අකුරු තිබ්බ ලියුමක් තිබුණා.
”උඹ නිව්ටන් එක්ක මකබෑවියං... මම යනවා”

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Xp Movie Maker එක දැන් windows 7,8,8.1 වෙත

මේක windows එකෙන් අපි වෙනම download කරගන්න ඕනේ . .හැබැයි මේක එලියට එන්නේ movie maker කියල නම් නෙමේ windows essentials කියලා ..ඔන්න දැන් හරිනේ ..
.එහෙනම් දැන් ඔයාලට වාසි නේ එහෙනම් දැන් පටන්ගන්න movie හදන්න එහෙනම් බාගන්නකො . .


Download Link >>>> http://adf.ly/xbmYj

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ෆෝල්ඩර් අතුරුදහන් කරමු

මේ ක්‍රමය folder options වලින් folders hidden කරන ක්‍රමය නෙමෙයි. ලේසියෙන් හොයන්න බැරි වෙන්නම hidden කරන ක්‍රමයක්.

මුලින්ම folder එකක හදාගන්න. හදපු folder එකක් උනත් කමක් නැ.


දැන් folder එක උඩ right click කරල rename ගිහිල්ල folder name සම්පූර්නයෙන්ම delete කරල, Alt key එක ඔබාගෙන 0160 type කරන්න. (0160 type කරනකොට Alt ඔබාගෙනම සිටිය යුතුයි.)

දැන් Enter ඔබන්න. බලන්න දැන් folder එකට නමක් නෑ.

ඊට පස්සෙ folder පින්තුරෙත් hidden කරන්න එපයි. ඒකට folder එක උඩ right click කරල properties ගිහිල්ලා customize tab එකට යන්න.

ඒ tab එකෙ පහලම තියෙන change icon ගිහිල්ලා. ඒ icon ගොඩ අතරෙ තියෙන හිස් තැනක් උඩ ක්ලික්ක් කරන්න. (ඇත්තටම ඒක හිස් තැනක් නෙමෙයි, සුදු කොටුවක් හැඩැති icon එකක්.)

දැන් OK කරල apply කරල Ok කරන්න. දැන් බලන්න ඔයාගෙ folder එක අතුරුදහන්.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Discovery ෂටලයේ ඈතුලට යමූද?

හැමෝම දන්නවානේ Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද වන්නේ?වැඩිම අභ්‍යාවකාශ වීර චාරිකා සදහා සහභාගි උන මෙම යානාව දින 365ක් අභ්‍යවකාශයේ රැදි සිටිමින් ගමන් කරපු දුර කිලෝ මීටර් මිලියන 238 කි.

හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?NASA ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට මෙම යානයේ දැක ගන්න පුලුවන් කියලා?


ඔයාලටත් පුලුවන් දැන් මෙතනින් ගිහින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලේ ඈවිදින්න,ඈතුලේ තියෙන දේවල් බලන්න?මතක් කරලා මෙ වගේ දේවල් ගැන උනන්දු ඔයාලගේ යාලුවන්ටත් මෙ ගැන කියන්න?
එහෙනමි මෙතනින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලට යන්න?

Site Link >>>> http://adf.ly/xYJ6F

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

නිල් නෙතු

අපේ ගෙදර පූසි සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම
ඒකි පැනලා හා කිව්වා


පුරු පුරු ගගා මගේ ලඟටම වෙලා හිටියා
වටේ ඉන්න පූසෝ ගැන
උං උඹ ගැන හිතන එව්වා
උං උඹට කියන එව්වා
උඹ මාත් එක්ක කතා කලා

ඔහොම හිටිය උඹ එක සැරේ වෙනස් උනේ
වෙන පූසෙක් හින්දා කියලා
මං හීනෙන්වත් හිතුවේ නෑ
එක එක පූසෝ උඹේ ලගට එද්දි
මං කිව්වාම පරෙස්සමෙන් කියලා
උඹ කිව්වා "මගේ ජීවිතේ විනාස කරන්න එපා" කියලා
හත්තිලව්වයි කියලා මං පැත්තකට උනා

එක පූසෙක්ගෙන් පාඩමක් ඉගන ගත්තාම
උඹ මං ලගට ආවා
"ආයිත් ඉස්සර වගේ ඉම්මු.."
උඹේ ඒ වචන වලට
කියන්න දේවල් කොච්චර හිතට ආවත්
පිටවුනේ “හා ” කියලා

ටික දවසකින් ආයිත් උඹ
ඈත් වෙද්දි මං බලාගෙන හිටියේ;
කොහේ ගියත් වැරදුන දාට එන බව දන්න හින්දා..
මං බලා හිටියේ වරදිනකම් නෙවෙයි උනාට;
එනකම් හැමදාම බලන් හිටියා

වැරදෙන හැම සැරේම මාව හොයන් එන එක
පූසියෙක් වෙච්ච උඹට දැන්
පුරුද්දක් වෙලා
දාලා යන හැම සැරේම වැරදිලා එනකම්
බලන් ඉන්න එක
මටත් නිකම්ම පුරුදු වෙලා

මොන දේ උනත් හොයන් එන්න
මං ඉන්න හින්දමද මන්දා
දැන් ටික දවසකින් උඹ ආගිය අතක් නෑ
මං හිතන්නේ උඹේ ග්‍රහයා මාරු වෙලා ඇති
රාහු කාලේ පැන්නාම උඹ එනකම්
මං බලා ඉන්නවා

**
***
****

එක අතකට උඹ හරි තමා...
මට අපේ ගෙදර කොල්ලා
කිව්වේ මේක...
චුයිංගම් එකක් කියන්නේ
කාලා හපේ විසි කරන එකක් මිසක්
කෑවට පස්සේ කොට්ටේ යට තියන්
නිදාගන්න දෙයක් නෙවෙයි

මීට,
අපේ ගෙදර පූසා..

CyberLink PowerDirector 13 Ultimate Crack එක සහ Setup එක මෙන්න!

ඔයාලා දන්නවා ඇතිනේ CyberLink PowerDirector කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති අයත් ඉන්නවා ඇති. කොහොමහරි මේ CyberLink PowerDirector කියන්නේ Video Editing, Video Creating, Presentation Creating වගේ වැඩ සඳහා තියෙන සුපිරිම මෘදුකාංගයක්.
ඉතාමත් අලංකාර ලෙස සහ උසස් තත්වයෙන් වීඩියෝ හදාගන්න මේකෙන් පුළුවන්. ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් ඕනේ නෑ. මෙහි තිබෙන විව්ධ ටූල්ස් හා ඉෆෙක්ට්ස් යොදාගෙන ලේසියෙන් වීඩියෝ හදන්න පුළුවන්.
ඉතින් අද මගෙන් ඔයාලට CyberLink PowerDirector 13 අලුත්ම වර්ශන් එකේ Crack එක මෙන්න!


Download Link (Setup) >>>> http://adf.ly/xXArZ
Download Link (Crack) >>>> http://adf.ly/xXBo1

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

GooGle දෙයියෝ :D


උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය.  ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ.

ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.

Google Search එක කියන්නේ කොම්පීතරේ ලඟට වෙලා ඉන්ටනෙට් ලොග් වෙන අපි වගේ අන්තර්ජංජාල සයිකොලෝබියාව හැදිච්ච උන්ට සිතූ පැතූ සැප සම්පත් දෙන අකාල සන්ධ්‍යවක පහල වෙච්ච කප් රුකක් නොවැ.

ගූග්ල් දෙයියන්ව පිස්සු වට්ටලා හොල්මං කරලා සෙල්ලංද කොල්ලෝ කියලා ඒකටම කියවෙන මෙව්වා ටිකක් තමයි මේ. කොරලම බලන්ටකෝ. ආයේ මොකටද මේ වැල් වටාරම් කියෝ කියෝ ඉන්නේ ඈ..

මං දැන් මේ පහලින් දාන එව්වා Google Search එකේ ටයිප් කරලා Enter ඔබලා බලන්ඩකෝ ඈ. කම්මැලියි වගේනම් මම මේ ටයිප් කරලා තියන එකම Highlight කරලා Right Click කරලා 'Search Google For' දෙන්ඩකෝ ඈ..

1.) Atari Breakout

ඉස්සෙල්ලම කොහෙන්ද පටන්ගන්නේ කියලා කල්පනා කරද්දි මේක මතක් උනේ. පස්ට කම්මැලිකමේ ඉන්න වෙලාවට ඔය උඩ තියන එක Google Search කරලා Image තෝරන්න. නැත්නම් කෙලින්ම Google Image Search කරන්න. ආතල් එකේ Game එකක් ගැහුවෑකි.

2.) Do a barrel roll හෝ Z or R twice

මේක search කලාම එන result එක (සම්පූර්ණ පිටුවම) අංශක 360ක් කැරකේවි.

3.) Askew හෝ tilt

මේකෙදි එන result එකේදි මුළු පිටුවම පැත්තකට ඇල වෙලා තියේවි.

4.) Zerg rush

මේකෙදි search result එකට '0' වලින් විනාශ වෙලා යාවි.

5.) Recursion

සාමාන්‍යෙයන් අපි Google Search කරද්දි අපි වචන වල අකුරු වැරදියට type කලොත් 'Did You Mean' කියලා අපි ලිව්ව වචනෙට සමානව එන්න පුළුවන් වචනය පෙන්නනවනේ. ඒත් අර උඩ තියන වචනේ type කලාම ඒ වචනේ හරි උනත් 'Did you mean Recursion' කියලා ආයිත් අපි ලිව්ව වචනෙම පෙන්නනවා.

6.) Binary හෝ Octal හෝ Hexadecimal

ඔය වචන 3න් කියවෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඔය වචන 3න් 1ක් අපි Google Search කලොත් ; ඕනිම දෙයක් search කලාට පසුව එන result එකේ උඩින්ම කොච්චර result ප්‍රමාණයක් තත්පර කීයකදි හොයා ගත්තද කියලා එනවනේ. සාමාන්‍යෙයන් එන්නේ උදාහරණයකට result පන්දාස් හාරසිය විසි පහක් ආවනම් තත්පර දශම පහකදි ඒක පෙන්නන්නේ About 5425 result (0.5 seconds) කියලනේ. මේකෙදි ඔය 5425 වෙනුවට අපි සර්ච් කලේ Binary නම් 5425 එන්නේ Binary වලින් Octal නම් එන්නේ Octal වලින්.

7.) Conway's Game Of Life

මේකෙත් පැත්තකින් හරි අපූරු දෙයක් සිද්ද වෙයි.

දැන් ඔය උඩ කියපුවා නිකන්ම Google search කලාම ආවනේ. ඒත් මම දැන් පල්ලෙහින් දාන එව්වා Google Search කරලා එන result එකේ උඩින්ම තියන Link එක Click කරන්න. එතකොට මෙව්වා වෙයි ඈ.. ඒත් නැත්නම් මේවා type කරලා 'I'm Feeling Lucky' click කරන්න ඈ..

1.) Google Gravity

2.) Elgoog

3.) Google sphere

4.) Who is the cutest

5.) Google Loco

6.) LOL Limewire

7.) Rainbow Google

8.) Epic Google

9.) Annoying Google

10.) Google pacman

11.) Google Magic

12.) Google color ඔය color කියන තැනකට කැමති පාටක් දාන්න. උදා :- Google pink

13.) Google Heart page

14.) Epic box

15.) Sexy snape

16.) Weenie google

17.) Chicken Rolling

18.) Google Guitar

19.) You'll never find chuck norris

20.) Let me google that for you

21.) Google Hacker

22.) Google Spam

23.) Google Ninja

25.) Google's Nessie

26.) Google MentalPlex

27.) Google Anagram

28.) Google Translate For Animals

29.) Moog Doodle

30.) Olympic Hurdles Doodle

ඔය මදෑ නේද. තව Searching tips වගේකුත් දාන්න කියලා හිතන් උන්නේ කම්මැලියි වගේ. එව්වා වෙන එකකින් දාන්නම් ඈ....

පරිගනකයක තිබිය යුතුම Alarm ඔරලොසුවක්

අප සාමන්‍යයෙන් පරිගනකය on කරගත්තම කොපමන වෙලාවක් යනවද කියලා, ගතකරාද කියලා හිතාගන්න බැ,මේ නිසා ඔබගේ අත්‍යවශ්‍යම දේවල් මගහැරෙන්න පුලුවන් මේ නිසා මෙයට විසදුමක් විදියට වැඩ ගොඩක් කරගන්න පුලුවන් alarm ඔරලොසුවක් දෙනවා ඔයගේ පරිගනකයට දාගන්න.

මෙමගින් ඔබගේ දින චර් යාව සැලසුම් කරගැනිමට ,කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනිමට,ජිවිතයේ යම් යම් වටිනා කියන දේවල් මග නොහැරවා ගැනිමට පුලුවන් වගේම පහසුවෙන් පාලනය කරන්න ඔබගේ ජීවිතයේ සෑම අංශයක් ඒකාබද්ධ කළ හැකි වෙනවා.

Download Link >>>> http://adf.ly/x4TEN

මෙම මෘදුකාංගයෙන් ලබාගත හැකි ප්‍රයෝජන

Alarm Events
* Send a text message to a cell phone
* Play an audio or video file
* Loop, fade, and auto-stop media files
* Increase media file playback speed
* Alter media file playback volume
* Loop media files via number or hour count
* Open documents and applications
* Play a web broadcast
* Play an iTunes playlist
* Play a random iTunes song
* Stop, Pause and Resume iTunes
* Open a website
* Send an e-mail with optional attachments
* Compose an e-mail
* Connect and disconnect the modem
* Send a serial command to the modem
* Start or stop the screensaver
* Take a screenshot
* Perform any shell command
* Display and/or speak text
* Bounce the icon in the dock (or flash it in the Taskbar on Windows)
* Display and/or speak a random line of text
* Automatically wake the computer from sleep (by schedule)
* Put the computer to sleep
* Startup the computer
* Shutdown the computer
* Logout
* Maximize system volume
* Maximize iTunes volume
* Unmute system volume
* Combos are allowed! Specify as many of these events per each alarm as desired.

Alarm Types
* Specific dates (ie. May 11, 2006 at 7:30 AM)
* Dynamic dates (ie. [Every Month] [All Days], [All Years] at 5:00 PM)
* Relative dates (ie. 1st and 3rd Monday and Friday of [Every Month] at 2:00 PM)
* Specified number of minutes past the hour (chimes)
* Timer alarms — alarms that execute after a specified amount of time

Alarm Tools
* Smart snooze — ring on an incrementally decreasing, or increasing, schedule
* Extend alarm execution date by a specified amount of time
* Create alarm templates (presets) for new alarms
* Auto launch Alarm Clock Pro when needed and/or on login
* View this month's current calendar — days with active alarms are underlined
* Alarm Menu — easy to access menubar (or taskbar) icon with alarm details

Miscellaneous
* Chime alerts can act like a Mindfulness Bell
* Calculate the difference between two time periods or time zones
* Stopwatch with lap counter
* View the current computer uptime
* Task list with priorities and random viewer that can speak items
* Create custom on-screen clocks with transparencies!
* Auto-open custom clocks or windows on launch

* Ring alarms at an offset from the system clock

1-13 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න



ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වෙනවා , ඒ කියන්නේ 1 වසරේ සිට 13 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න පුළුවන් , මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි , Download කරගෙන බලන්න.

මෙතනින් යන්න ,


Download Link >>>> http://adf.ly/x4Rn6

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

viber සැම pc එකකටම



අද ඔයාලට දෙන්න හදන්නේ ඔයාලගේ PC එකට Viber දාගන්න විදිහ windows 8,8.1 තියන කට්ටියටනම් ප්‍රශ්නයක් නැනේ App Store එකේ තියනවනේ එත් windows 7,widows xp ,Mac,Linux පාවිච්චි කරන අයට මේක ගොඩක් වටිනවා. .

ඉස්සෙල්ලාම download කරගෙන ඉන්නකෝ . .


Download Link >>>> http://adf.ly/x4QEG

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අතහැරපු මල් පදුර


මට කලින් - නුඹ
නුඹට කලියෙන් මම
උනුන් හා තරගයට
අතහැරපු මල් පදුර


කොහෙන්දෝ පතිත වුණ
දගකාර බැල්මකින්
අහම්බෙන් පැළ වෙලා
මල් පිපුණ මල් පදුර

අතහැරපු දා ඉදන්
නියගයට අහු වුණත්
තාම දලු ලා නැගෙන
මල් පිපෙන මල් පදුර

කැලේටම වල් වැදිලා
දැන් හුගක් ලොකු වෙලා
ලාඩප්ප ගස් වැටිය
පහු කරන් උස් වෙලා

( අපි උන්නු කාලෙ නම්
කප්පාදු කළ නිසා
ඒ තරම් උසක් ගැන
වගක්වත් තිබුණෙ නෑ )

පේනවද අග්ගිස්ස ?
ලාඩප්ප ගස් වැටියෙ
කොළ පාට උරා ගෙන
තරගයට වගෙ වැඩෙන
අතු දෙකක් තියෙන හැඩ

දන්නවද ඒ කොනක
සුදුම සුදු මල් දෙකක්
තාම - අපි නැති වුණත්
හැමදාම පිපෙන වග !

ප.ලි. -

“කවුද බලමු ලෝකෙටම ඇහෙන්න ,
මම උඹල හැමෝටම ආදරෙයි කියලා -
මුලින්ම කෑ ගහන්නෙ ?”
(නුඹ මගෙන් හැමදාම අහපු ප්‍රශ්නයක්)

මේ තමයි හරි කාලෙ
ලෝකෙටම ඇහෙන්නට
ඒ රහස කියන්නට !
පෝර දිය නැති වුණත්
අපේ ඒ මල් පදුර
තවම මල් පුබුදුවන

රහස එළි කරන්නට !

නුඹ මගේ...

---------------------
සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...


සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...

විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...

Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම හිතනව මේක ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියන එක ගැන.
මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා එකත් එක්ක වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.
ඔයාලට මේක අවශ්‍යයි කියල හිතෙනව නම් පහලින් Download කරගන්න.


Download Link >>>> http://adf.ly/wxqMM

Download කරගත්ත File එක Extract කර ගන්න. ඉන්පසුව මේ සොෆ්ට්වෙයා එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක Register කරගැනීමට අවශ්‍ය වෙනව. සොෆ්ට්වෙයා එක මුලින්ම Open කර ගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "Keys" කියල text File එකක් ඇති ඔයාල සොෆ්ට්වෙයා එක Extract කරපු තැන. ඒක open කරල ඒකෙ තියෙනව keys තුනක් ඒකෙන් කැමති එකක් භාවිතා කරල සොෆ්ට්වෙයා එක Register කර ගන්න. දැන් වැඩේ ගොඩ.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

virus Remover - පරිගණකයට නිතරම එන වයිරස් අයින් කරන්නේ මෙහෙමයි.


ඔයාලගේ පරිගණකයට නිතරම ඇතුල් වෙන වයිරස් කීපයක් තියෙනවා නේ .අන්න ඒවා අයින් කරගන්න නියම සොෆ්ට්වෙයා එකක් අපි අද ඔයාලට ගෙනාවා.

මේක save කරලා තියාගත්තත් පාඩු නැ සම්පුර්ණ ෆුල් වර්ෂන් එක තමයි දෙන්නේ.

මේ සොෆ්ට්වෙයා එකෙන් ,
Task-manager අතුරුදහන් වෙන එක ,
Folder option අතුරුදහන් වෙන එක ,
system Restore ,
රෙජිස්ටර් වෙනස් වෙන එක ,
Host ෆයිල් වෙනස් වෙන එක ,
සියලුම වාගේ ජනප්‍රිය වයිරස් අයින් කරන්න පුළුවන් .

මෙන්න මෙතනින් ගන්න

Download Link >>>> http://adf.ly/wxo0T

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Funny Photo Maker

මෙන්න කට්ටියට පොඩි වැඩ කැල්ලක් .පොඩි කිව්වට මේක පොඩිත් නැහැ .මේකෙන් කරන්නේ Photo එකකට පොඩි පොඩි Effect අපිට කැමති විදියට දාගන්න එක .Serial , Crack මේ කිසිම දෙයක් මේකට අවශ්‍ය නැහැ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..

මේකේ ගොඩක් Effect තියෙනවා ඔයාලට කැමති වැඩ කැලි දාලා හදාගන්න පුළුවන්. බගෙනම් බලන්න.


මෙතනින් බා ගන්න.

Download Link >>>> http://adf.ly/wx4m0

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

-වෙන්වීම-


තනි හිතට ළංවෙලා
ආදරේ දුන් ඔයා
සදහටම දුක තියා
ඇයි ගියේ වෙන්වෙලා


පාසලේ පන්තියේ
හිනැහුනේ ඉගීකළේ
තනිවෙච්ච හැමවෙලේ
නුඹ ළගයි දැවටුනේ

සිදුවෙච්ච අද දිනේ
මරණේ නූඹේ නොසිතු සේ
අදහන්න බෑ පණේ
තවම නුඹ ළග වගේ

ගියත් දුර වෙන්වෙලා
හිත නුඹම සොයනවා
මම දන්නේ නෑ සුදෝ
කුමක් කරම්දෝ කියා

එක දෙයක් හිතෙනවා
හෙට මමත් මැරෙනවා
සොයා නූඹ ගව් ගණන්
සසර මග දුවනවා

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

The Love


අද ලියන්න යන්නේ ආදරය ගැන..ඒ කියන්නේ ආදරය ගැන මට හිතෙන හැටි හා දැනෙන හැටි ගැන.ආදරය ගැන post එකක් ලියන්න ඕනි කියලා කාලෙකට කලින් හිතුනේ FB එකේදි දැකපු සමහර සිදුවීම් හා එදිනෙදා ජීවිතයේදි දකින්නට හා අසන්නට ලැබුණු සිදුවීම් කිහිපයක් හින්දා.ඒත් හැමදාමත් වගේ වැඩේ අද වෙනකම් පහු උනා...ආදරයෙත් පැතිකඩ බොහොමයක් තියෙනවනේ.ඉතිං මේ කතාකරන්නේ ආදරයේ එක් පැතිකඩක් උනු පෙම්වතුන් හා පෙම්වතියන් අතර තියන ආදරය පිළිබඳව...

ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නේ..?

ආදරය ගැන බොහෝ දෙනා බොහෝ නිර්වචන දිලා තියෙනවා.විශේෂයෙන් නිර්මාණකරුවන් විසින්ඒ බොහොමයක් නිර්වචන සමාන වෙනවා වගේම සමහරක් එකිනෙකට වෙනස් නිර්වචනත් තියෙනවා...

“ආදරය සේ සුවදෙනා - අන් ලොවේ නැත රසඳුනා“

කියලා එදිරිවීර සරත්චන්ද්‍රයන් ආදරය ගැන අපූරු නිර්වචනයක් දෙද්දී තවත් ගීත රචකයෙක් හරි අපූරු විදියට මෙහෙම ලියලා තිබුනා...

“ඉවුරු දෑලේ හිඳ බැළු විට
ගඟ හැඩයි කදිමයි...
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි... “

හැබැයි නන්දා මාලිනි මහත්මිය ගජමන් නෝනා ටෙලි නාට්‍යට ගයපු තේමා ගීතයේ මෙහෙම කියනවා...

“ජීවිතේ කවියක්
ආදරය එහි
සොඳුරුතම වදනක්...“

ඒ අතරෙදි චන්දන ලියනාරච්චි ගායනා කරපු ගීතයක මෙහෙමත් කියලා තියෙනවා...

“ප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති... “

මගේ පැත්තෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති ඔය අන්තිමට තියන පද ටිකට.මොකද අපි ආදරය කියන්නේ මොකක්ද කියලා දහදෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්..සමහරුන්ට ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දෙන්න උත්තරයක් නැහැ...ඉතිං එහෙම එකේ ආදරය ගැන හරියටම නිර්වචනයක් දෙන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නෑ.පාසල් යන කාලේ බැඳුනු ප්‍රේමයත් එක්ක ඒ දවස්වල හිතන් උන්නේ ආදරය කියන්නේ ඒකට කියලා...ඒත් අද වෙනකොට තමා හිතෙන්නේ එතන තියෙන්න ඇත්තේ ආදරය නෙමෙයි ආකර්ෂණය විතරයි කියලා...හැබැයි පසුකාලීනව ඒ තත්වේ වෙනස් උනා කියලත් වෙලාවකට හිතෙනවා...

ඔය අතරේ එදිනෙදා සමාජයේ ඉන්න ගොඩක් අයත් ආදරය සම්බන්ධ එක එක ප්‍රකාශ කරලා තියෙනවනේ.අපි O/L කරන කාලේ කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි Autograph එකක් අරන් බැළුවොත් ඒ වගේ වැකි ඔනතරම් හොයාගන්න පුළුවන් කම තිබුනා.අද වෙනකොටත් ඒ තත්වේ වැඩි වෙනසක් වෙලා නෑ නියලා හිතනවා...දැන් නම් fb එකට ගොඩවැදිලා ටිකක් වෙලා හිටියොත් ඒ වගේ ඒවා ඔනිතරම් හොයාගතහැකි...

“සැබෑ ආදරයක් කෙලවර වන්නේ එක්වීමකින් නොවෙයිනම් මරණයෙනි...“
“ආදරය යනු ලොව උතුම්ම වස්තුවයි...“

කියලා මේ වගේ අපබ්‍රංස ඔනිතරම් කියලා තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නේ ඔය වගේ දෙවල් කියන හා දාන උදවියත් ඇත්තටම ඕවා ඒ ආකාරයෙන්ම කරනවද කියන එක...

කොහොම උනත් විකිපීඩියාවේ ආදරය ගැන දීලා තියෙන්නේ මෙහෙම නිර්වචනයක්...

“ආදරය යනු බැඳිම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රණයකි...“

ඔය කියල තියෙන කතන්දරේ ඇත්තද කියලා ඉතිං දන්නෝ දනිති.මේ ආදරේ ගැන මට මේ දවස්වල හිතිලා තියෙන හැටි...

“ආදරය යනු නෙල්ලි ගෙඩියක් වැනිය...“

ආදරය නෙල්ලි ගෙඩියකට සමාන වෙන්නේ කොහොමද කියලා සමහරු දැන් අහයි...කවදමහරි දවසක නිවීසැනසිල්ලේ නෙල්ලි ගෙඩියක් කාලා තියෙන කෙනෙකුට තේරිලා ඇති නෙල්ලි ගෙඩියක් ඇතුලේ එකිනෙකට වෙනස් රසයන් ගනනාවක් තියෙනවා කියලා...ආදරයත් ඒ වගේ...ආදරය කියන හැඟීමත් එක්ක බැඳුනු විරහව,රාගය,ඉරිසියාව...වගේ නොයෙකුත් දේ තියෙනවා.ඉතිං මම ආදරය නෙල්ලි ගෙඩියකට උපමා කිරීමේ වැරැද්දක් දකින්නේ නැහැ...මේ හිතෙන විදිය පස්සේ කාලෙක කොහොම වෙයිද කියලා දන්නේ නෑ...මේ අද මේ මොහොත වෙනකම් මට ආදරය ගැන මේ දවස්වල හිතිලා තියන හැටි...

කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි...

“එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති...“

සබඳ අපි කඳු නොවෙමු~

සබඳ අපි කඳු නොවෙමු~
උනුන් පරයා නැඟෙන~
සුනිල දිය දහර වෙමු~
එකම ගඟකට වැටෙන~
වියරු ගිනි දැල් නොවෙමු~
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~
දැවෙන කැලයට වසින~
නපුරු හීනය නොවෙමු~
ළමුන් නිදි සුව බිඳින~
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~


-(ගුනදාස කපුගේ)

- මතක සැමරුම -


ජීවිතය නම් සලපතළ මළුව මත
බොහෝ දෙන ඇවිත් යති...
ඒ පියසටහන් පමණක් ඉතිරි කරය...
බොහෝ පා සටහන්
ඉක්මණින් මැකී යති...

සමහර පියසටහන්
කාලයාගේ ඇවෑමෙන්
කලකට පසු මැකී යති...

නමුදු...

කලාතුරකින් තබා යන
ඇතැම් පියසටහන්
දිවි ඇති තෙක් මැකී නොයයි...

ජීවිතය...

ඒ පියසටහන් රැගෙන
අනාගතයක් ගැන නොදැන
මතක පමණක් රැගෙන
ගලා යනු ඇත...

- මතක සැමරුම -
---------------------
පහුගිය ලඟ උන්නු කාලේ නුඹ නිතරම කියපු දෙයක් තිබුනා හැමදේම විසඳෙන්නේ ඉරණමත් එක්ක කියලා.එදා නුඹට හිනා උනත් අද හිතෙනවා ඒ දේ ඇත්ත කියලා...සිද්ධ උන වගේම තවමත් සිද්ධවෙන දේවල් පුදුමයි වගේම අදහන්නත් බැරි තරම්...කොහොමත් නුඹ අද ලඟ නෑ...හොඳම යෙහෙලියකටත් වඩා ජීවිතේට ගොඩක් ලං උනු.,ජීවිතේ කියා දීපු නුඹ අද ගොඩක් ඈත් වෙලා...

සත්තයි...නුඹ නිතරම කියන විදියට මේ ජීවිතේ වෙලාවකට පිස්සුවක් වගේ...
නුඹ නැති හෙට දවසේ ජීවිතය කොහොම වේවිද..?
තවමත් මට පිළිතුරක් නැති ප්‍රශ්නයක්...

සතුටින් පරිස්සමට ඉන්න...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

This is our valentine Gift... Screen Saver for lovers..

This is our valentine Gift...
Screen Saver for lovers..

Download Link >>>> http://adf.ly/13Nlhm