හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

LOVE OVERLOAD

මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ ‍කෙල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment