හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

~~ කවුරුන්ද ඔබ මගේ ~~



ඔයි තමුසේ කොහෙද ?

-නොදොකින් උදේ පාන්දර කෙල්ලෙක්ට කථාකරද්දී ගුඩ් මොර්නින්ග් කියලවත් ඉදපියකෝ ..

කෝ කොහෙද කෙල්ලක් ඉන්නේ .. කෙල්ල්ක්ටකතා කලානම් කියනවා ..

-ඇයි යකෝ මම කෙල්ලක් නෙමේද ?

ආ උඹ කෙල්ලක් ද? මම හිතුවේ කෙලි භාගයක් කියලා .. මේ බයිලාවලින් වැඩක් නැ .. කොහෙද ඉන්නේ තෝ.. තාම ගෙදර ද ..

-පල යන්න බුරුවා..... මම ඉන්නේ හංදියේ..

කොයි අම්බකි** හන්දියේද ...

-තොත් එක්ක කතා කරනවට මට ගහන්න ඕනේ.. මමතියනවා...

හපෝ මේකිගේ ගණන්.. මේ එන ගමන් නේ?ඉක්මනට වර මම ස්ටේෂන් එකේ ...

-බැ තෝ පල තනියම යන අහක ...

තනියම තමා බොල යන්නේ යන තැනට.. එතැනටඋබව එක්කන් යන්න බැ.. ට්‍රෙන් එකේ තනියම යන්න කම්මැලි.

-ආ මේ උබේ කම්මැලි කම් මකන්න එකියක්හොයාගනින් අයේ.. මට බැ .

හරි හොයාගන්නකම් වරෙන් කෝ.. උබේබොරුවක් අහගෙන යද්දී කම්මැලි නැ ..

-errrrr බුරුවා .. තියපිය ෆෝන් එක බස් එකඑනවා..

හා වර මම ඉස්සරහ ඉන්නවා ..



සුලා එහෙම නැත්තම් සුලන්‍යා මට ඉන්නමගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් .. ඇයි අවුල් ද .. පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයෙක් හොඳම යාළුවාවෙන්න බැරිද .. මගේ සියළු ජිවිත කථා ආදර කථා අකුරක් නෑර දැනගෙන ඉන්න ඒ වගේමඒකිගේත් සියල්ල දත් බෙස්ට් ෆ්‍රෙන්ඩාලා අපි දෙන්නා.. ෆිල්ම් බලන්න .. ගෘප් ගේට්වලට.. කොහේ හරි වලක් බහින්න අනිවා අපි දෙන්නා යන්නේ එකට.. කොහේ හරි ගෙදරින් පනින්නඕන වෙලව්වට අපි අපිදෙන්නවා ගෙවල් වලට උගස් තියලා පනිනවා... සමහර වෙලවට ලව් කරන්නපාර්ක් එකට මගේ කෙල්ලවයි සුලාගේ කොල්ලයි අරගෙන එකට යන වෙලාවල් තියෙනවා.. ඒතරමට අපිදෙන්නාගේ යාළු බැදීම තිබ්බා ..



මොකෝ බං සුලෝ පරක්කු..

-ඇහැරුනේ නැ බං.. එලාම් එක ඔෆ් කරලාවිනාඩි 5ක් නිදා ගන්නවා කියලා නිදාගත්තා ..ඇහැරුනේ පැය 1/2 පස්සේ බං..

ඊයා ඒ කියන්නේ තෝ අද ඔක්කොම වැඩ ටිකභාගෙට කරලා ඇවිල්ල ඇත්තේ.. තෝ අඩුම ගානේ දත් මැද්දාද ? එක තමා මේ කුණු ගඳ...

-පල යන්න. තෝ මොකටද ඉබින්න එන්නේ මාව ..

උඹව ඉබින්න?? ඊට වඩා හොඳයි යකෝ මේ කුණු කාණුවේ මුණ ඔබා ගන්නවා...

-බුරුවා ..

ඌ යකෝ ඒ ගහපු පාරනම් රිදුනා ඈ ..හිටපිය දෙන්නම් තොට..



හරවන එක තමා දැන් යන්න වෙන්නේ... වරෙන් යන්න එහා පැත්තට...



මොකෝ බං නිදි කිරන්නේ .. ඊයේ රෑ මල් ද ?මලිතයා නිදාගන්න දුන්නේ නැද්ද ?

-හ්ම්ම් ඔව් ..

ආ ඒ කියපු විදිහනම් අවුල් වගේ.. මොකෝප්‍රශ්නයක් ද ? රණ්ඩු උනාද ?

-මං උඹට කියන්නම හිටියේ බං .. දැන් ටිකදවසක් ඉදන් කෙස්.. මලිත්ට වෙන කවුරුහරිඉන්නවා වගේ දැනුනා .. ඊයේ මම කෙලින්ම ඇහුවා .. අහලා ඔක්කොම ඉවරයක් කරා ..

මොකක් මුගේ අම්මාට ... අහුවෙච්චිදෙන්කෝ ඕකාට මම දෙකක් කතා කරන්න ..

-එපා එපා .. මුකුත් කියන්න යන්න ඕනේ නැ.. මට අවුලක් නැ .. මම හොදින් ..

හොදින්? හොදින් නම් ඔය ඇස් වල කඳුළු මොකද .. නොදොකින් බල්ලා .. මට එන කේන්තියඅම්මපා ..

-මම පිස්සු නටලා කොල්ලෙක් වගේ හිටියාටමම ඇතුලෙන් කෙල්ලක් බං.. මටත් හැඟීම් තියෙනවා .. ටික දවසකින් හරියාවි..

මම එක දන්නවා බං.. එක මට වැඩිය දන්නාඑකෙක් නැ .. අමුතුවෙන් කියන්න දෙයක් නැ.. උඹට ඕනෑම දෙකට මම ඉන්නවා කියලා දන්නවා නේ..

-දන්නවා බං .. පොඩි දෙයක් ඉල්ලනම් උඹටඅවුලක් නැත්තම් ..

කියපිය ඉතින් ඕක අහන්න දෙයක් ද ?

-මම පොඩ්ඩක් ඔළුව තියාගන්නද උඹේඋරහිසේ...

හා..රු .233.26/= දීපන් ...

-පොතට දාගනින් ..



මාසෙකින් දෙකකින් මට මගේ පුරුදු යාළුවාඅයේ ලැබුණා.. විහිලු කරලා හිනාවෙලා පිස්සු නටලා දින සති මාස ගණන් ගෙවිලා යද්දීදවසක් ...



-හසිතයෝ ..

ඇයි බං ....

-මට ගෙදරින් බදින්නලු .. කවුරු හරිඉන්නවද කියලා අහනවා .. නැත්තම් හොයනන්ම් ලු..

ඩිංගි චිකාරේ දාගෙන පොල් කටු මාලේ..කේක් කේක් බිමක් බිමක් ..

-දෙන්නම් බොට බොන්න බලන් හිටපන්.. මගේවෙඩිමේ බිම නැ...

මම බිලා එනවා එහෙනම් ... මේ ඉතින් උඹමොකෝ අම්මාට කිවේ...

-මුකුත් කිවේ නැ ..සේප් එකේ මාරු උනා...



එදා මගේ හිතේ මොකද්දෝ ලොකු බරක් දැනුනා.. වැඩට ගියාට උදේ සුලා කියපු දේ හැම තිස්සෙම මතකෙට අවා .. ඒ මොකද්ද කියලා හරියටමමට පැහැදිලි නැ..සුලා බැන්දට පස්සේ අපිට මේ වගේම හමු වෙයිද ? බැඳලා කොහේ හරි යාවිද ? ඔය වගේ ප්‍රශ්න හිත ඇතුලේ කැරකෙන්න ගත්තා ..

එත් ඇයි ඒ යාළුවෙක් නැති වෙන එකදවිතරමද .. එහෙම නැත්තම් මගේ හිතේ වෙන හැඟීමක් ඇති වෙලාද .. දවසක් දෙකක් හිතුවා ..හිතලා මම තීරණයක් ගත්තා ... මගේ පට්ටම කුජිත අවස්ථා එකී එක්ක කතා කරලා කියලා තිබ්බත්මට මේක සුලාගේ මුණ බලන් කියන්න අමාරු උනා .. එදා සිකුරාදා දවසක් . වැඩ ඇරිලා ගෙදරගිහින් රෑ මම සුලාට කෝල් එකක් ගත්තා ...



රිංග් වෙනවා ... හප්පේ මෙකි දාලා තියෙනරිංග් ඉන් ටොන් එක ..

"කවුරුන්ද ඔබ මගේ...

කවුරුන්ද මා ඔබේ ...

දෙතොල් සලා මුදු සිනා නගන්නෙමි..

දෙනෙත පුරා පිරි කඳුළු සලන්නෙමි ..

හදවත ගැහෙනා රිද්මය "



-හලෝ..

හලෝ සුලා ... කොහෙද බොල හිටියේ...

-උඹ හිතුවාද මමත් උබ වගේ මේක කලිසම්සාක්කුවේ දාගෙන ඉන්නේ කියලා හැම වෙලේම..

ඔව් ඉතින් නයිටි වලට මොන සාක්කුද ..

-ඔන් පටන් ගත්තා ... දැන් මොකටද උඹ කතාකලේ ..



" අපි බදිමුද ? "



මම එක පාරට කියලා දැම්මා ..

ටික වෙලාවක් කිසිම සද්දයක් නැ ..

හෙලෝ සුලා .. ඉන්නවද ?

-ඔව් මොකද්ද උඹ කිවේ...

එක පාරයි කියන්නේ අයේ කියන්න බැ.. උඹටඇහුන එක තමා කිවේ ...

-උඹ මේ සිරාවටද අහන්නේ ,...

ඔව්.. අපි බඳිමුද ? ඔන්න අයේ ඇහුවා...



එක කිව්වා විතරයි කෙල්ල ෆෝන් එක කට්කළා .. මට අයෙත් ගන්න තරම් ගටක් තිබ්බේ නැ.. පපුව ගැහෙනවා විනාඩියට 120 විතර ඇති වේගේ.. ඔළුව යකාගේ කම්හල වගේ.. සුලා තරහ වෙයිද .. යාළුකම නැතිවෙයිද .. දාඩියත් දාලා මට..



ටික් ටික් .. SMS එකක් සුලාගෙන් ..

" මට හිතා ගන්න බැ .. හිතන්න ඕනේ ..හෙටකියන්නම් "



අම්මෝ ඇති යන්තම් තරහ නැ වගේ.. පපුවගැස්ම අඩු උනා .. ඔළුව කුල් උනා ... නිදාගන්න ගියත් නින්ද ගියේ නැ .. එත් සැහෙනවෙලාවකට පස්සේ නින්ද ගියා...



ටික් ටික් .. මුණට වැදිලා තිබ්බ ෆෝන් එකේ SMSVibration එකට ඇහැරුනා ...

සුලාගෙන් බ්ලෑන්ක් මැසේජ් එකක් ...

මම Good Morning කියලා රිප්ලයි කළා ...

Good Morning කියලා අයෙත් මැසේජ් එකක් අවා.. කෙල්ලතරහ නැ.. බොක්කෙන්ම ගට අරන් කෝල් එකක්ගත්තා ..

රිංග්ස් යනවා ...අන්සර් කරා සද්දයක්නැ..

හලෝ සුලා ...

-ම්..

මොකෝ කියන්නේ ..

-"හා .."

හා කිවේ ..

-ඊයේ කියපු එකට "හා "

කෙල්ල අයෙත් ෆෝන් එක කට් කරා .. මැසේජ්එකක් එනවා අයෙත් ..

මට ලැජ්ජයි බං ..

අයෙත් මම කෝල් කරා

ඇයි ලජ්ජා ...

-මන්දා ලැජ්ජයි වගේ ..

උඹේ මම නොදන්නා ලැජ්ජාව .. අනේ නිකන්හිටහන් .. කිව්වට මටත් ලැජ්ජයි ..

-හසිතයෝ

ම් ..

දැන් උඹ මගේ කවුරුන්ද ? මම උඹේ කව්ද? අපි අපේ කවුද ...



මම හිනා වෙලා නිකන් හිටියත් මගේහිතේත් ඒ ප්‍රශ්නේමයි ..


ඇත්තටම දැන් සුලා මගේ කවුද ? යාළුවා ද ගර්ල් ෆ්‍රෙන්ඩ්ද වෙන්න වයිෆ් ද?

2 comments:

  1. Casino game online – the gambler, and the parlour! - Ambien Hoppie
    The best online casino games are now available at the most reputable & trustworthy US casinos 온라인 카지노 사이트 벳무브 and are available for free to all US players.

    ReplyDelete
  2. The best online slots, casino games & free play
    Best 아산 출장마사지 slot machines 문경 출장샵 online in the 경산 출장샵 UK. Play exciting 동해 출장안마 casino games 포항 출장샵 and claim your welcome bonuses. Play UK's best slot games for free and for real cash.

    ReplyDelete