හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

අපි කොහේ ඉඳලද ආවේ


ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. නමුත් මිනිහ අඳුනන ඇමති කෙනෙක් පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.


නිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.





පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)




"අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."




පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.




"ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."




ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.




"අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."




"පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.




මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.




පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.




"දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."




"ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."




"මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."




ප: ලි:




ඉස්කෝලෙකට දාගන්න පොඩි එවුන්ට බොරු කීයක් උගන්වනවද?

No comments:

Post a Comment