හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

◄ සදාකාලික වූ ආදරය ►




උදේපාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ.උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා.ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකටනැවතත් බෙහෙත් කරගන්න. අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේතියෙන ඔරලෝසුව බලන නිසාමයි.

''ඔහුට නම් හොදටම කලබලපාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලාතමා ඔහුව බලන්න වෙන්නේ.''ඇය හිතුවා.

නැවත නැවතත් ඔහු දිහාබැලුව නර්ස් නෝනාට හැම වතාවෙම දකින්න වුනේ අපහසුවෙන් තම ඔරලෝසුවේ වෙලාව බලන මේවයසක මහත්තයම තමා.

''මේ මනුස්සයට මොනවාවෙලාද. ඔරලෝසුවමයි බලන්නේ''

පැයක් ගත වෙද්දී වෛද්‍යවරයෙක්එක්කම ඔහුගේ තුවාලය ගැන හොයා බලන්න ඇයට පුළුවන්වුනා. තුවාලයට බෙහෙත් කරන ගමන් මේ නර්ස් නෝනා ටිකක් තරහෙන් වගේ මෙහෙම ඇහුවා.

''මොකද ඔබ තුමා නිතරමවේලාව බලන්නේ. වෙන මොකක් හරි වැඩක් දාගෙනද?''

''ඔව් නෝනා. මම අද මගේබිරිඳත් එක්කම සාත්තු නිවාසයේ හිඳ උදේ ආහාර ගන්නයි හිටියේ.'' ඔහු ශාන්තව කිව්වා.

''ඇයි, ඇයට මොකක් වෙලාද?''

''ආ, ඇය ටික කාලයක ඉදලා එහි නැවතිලා ඉන්නේ.ඇයගේ මොළයට හානි ගෙන දෙන රෝගයක් හැදිලා. (Alzheimer Disease)''

කතාව අතරම බෙහෙත්දාලත් ඉවර වුනා.

''ආනේ. දැන් ඉතින් 9.30ත් පහු වෙලා. ඇයට දුක හිතේවි ඔබ උදේආහාර ගන්න ආවේ නැති එකට''නර්ස් නෝනා ටිකක්විහිලුවෙන් වගේ කිව්වා.

''නැහැ එහෙම වෙන්නේ නෑ.ඇය දන්නේ නෑ මම කවුද කියලා. ඇය අවුරුදු 5ක්තිස්සේ එහෙමයි. ඇයට සියල්ල අමතක වෙලා.'' ඔහු කිව්වා.

''මොනවා ! ඇයට සියල්ලඅමතක වෙලා? ඔබව අදුන නොගෙනත් ඔබ අවුරුදු 5ක් පුරාවටම ඇයත් එක්ක උදේ කෑම ගත්තද? තාමත් ඇයව බලන්න යනවද? ඒක නම් හරිම පිස්සු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.'' නර්ස් නෝනා පුදුමයෙන් කිව්වා.

ඔහු නර්ස් නෝනාගේ අතටපොඩි තට්ටුවක් දැම්මා...

''ඇයට නම් මාව දැන් මතකනෑ තමයි, ඒ වුනත් මට තාමත් ඇයව මතකයි. ඇය මගේබිරිඳ, මගේ ආදරිය.''

ඔහු යන්නට ගියා.නර්ස් නෝනාගේ ඇස් වල කදුලු. ඇය සෙමින් තමාටම මිමිණුවා...

''අනේ, හැම කෙනෙකුගේම ජිවිතයට ඕන මේ වගේ ආදරයක්නේද...''

සැබෑ ආදරය තුල ''දැන්, හෙට,අනිද්දා'' කියා වෙනසක් නැත. මොකද එය සදහටම එකම විදිහක් නිසා. ඔබටත් නොවෙනස් සදාකාලිකවන ආදරයක් ලැබී තිබෙනවද?එසේනම් ඔබ වාසනාවන්තයි, ඒ ආදරය හැමදාම අගය කරන්න. රැක ගන්න.එයයි සෑබෑ ආදරය.

No comments:

Post a Comment