හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

හයි වේ එකට යටින්





ඇතැම් මිතුරන් ඔවුන් මිලදි ගත් ඇදුම් ආයිත්තන් ඇද පොටෝ ගසා පලකරයි...
තවත් මිතුරන් ඔවුන් සතුවු මෝටර් රියක් සමග හිද පොටෝ ගසා පලකරයි....
ඇතමුන් තමන් උදයෙහි කැව චිකන් කැම එකෙ පොටෝ දමයි....
තවත් සමහරෙක් තම අල්ල මතට වතුර බිදු කිහිපයක් දමා කදුලු ලෙසින් පලකරයි..
දුක - සතුට - ලොකුකම් - නැතිබැරි කම් - ලෙඩ දුක් නිතරම පෝස්ට් කරයි.....
සමහරුන් මට නොතේරෙන ඉන්ග්රිසියෙන් පෝස්ටු දමයි....


ගුඩ් මෝනින් හා ගුඩ් නයිට් වලට එහා ඉන්ග්රිසියක් මා දැන නොසිටිමි....


හයි එකට උඩින් යන - හයි වේ එක උඩ හිද පින්තුර ගන්නා මේ මිතුරන්ට අදිවේගි මාවතට යටින් වු මා පෙනුනේ නැත...... ඔවුන් යන සුව පහසු වාහනවලට යටින් හුස්ම ගන්නා ජිවිත දුටුවේද නැත.....


මිතුරාගේ සරනින් බුකි ගතවන මට ඔවුන් පෙන්වන ලෝකය නුහුරුයි.. නුපුරුදුයි...


ඔවුන් කන චයිනිස් - චිස් - කේක් බලමින් මා අම්මා දුන් පාන් කැල්ල තේ එකේ ඔබාගෙන කමි....
ඔවුන් අලුතින් ගත් රිය දකිමින් නුදුරින් වු අදිවේගයේ රතවාහනවල හඩ විදින්නෙමි..
ඔවුන් පෙන්වන බොරු කදුලු බිදු බලමින් මගේ දුකට ඇසට උනන කදුලැලි පිසලන්නෙමි....
ඔවුන් දමන ඉමිහිරි ආදරය ගැන ලියවුනු රචනා කියවමින් මා ගැන කිසිදා කිසිවෙකුට නොදැනුනු ආදරය සිහිනෙන් දකින්නෙමි.... විදින්නෙමි...
මා කන පාන් ලෙල්ලක පින්තුරයක් දැමිය හැකි මුත් එය විදිමට නොහැකිය....

මගේ හඩු පිරුනු ඇදුමින් සැරසුනු මුහුන දැකිම මිතුරන් මාව අන්පෙන් කිරිමට හේතුවක් වනු ඇත...
ඔවුන් දමන සිරිමක් තරමේ තුවාලය හා ටකරමකට කැපුනු මගේ තුවාලය සන්සන්දනය කරන්නෙමි......


හයි වේ එක උඩින් යන ජිවිතත් - හයිවේ එකට යටවුනු ජිවිතත් වල වෙනස කොපමනක් දැයි සිතමි....

No comments:

Post a Comment