හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 27, 2015

ඒ මගේ මලයි 1 to 4 ( යෞවන සමින්ද රත්නායක )

ඒ මගේ මලයි 1 to 4 ( යෞවන සමින්ද රත්නායක )
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව..

ඒ මගේ මලයි ( යෞවන සමින්ද රත්නායක ) කතා පොත් 4ම ති‍යෙයි.... මාරම ලස්සන කතා සෙට් එකක් වැඩි දෙයක් කියන්නත් නෑ...... 

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!! මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...
ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...

Download Link >>>> 

ඒ මගේ මලයි 1 >>>> http://adf.ly/we6c1
 

ඒ මගේ මලයි 2 >>>> http://adf.ly/we6gs
 

ඒ මගේ මලයි 3 >>>> http://adf.ly/we6ji
 

ඒ මගේ මලයි 4 >>>> http://adf.ly/we6mh
 
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)

දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)
ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....
මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..
කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති..
ඒත් ඒක පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.
වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන....
පින්තුරයේ මාතෘකාව එලෙසම තිබෙන්නට හැරියේ මුලු ලෝකයම එය හදුන්වනනේ එම නමින්ම හින්දයි!

Sudan Famine UN food camp (1994)

එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙණ ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.. බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..
1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා..

Afghan Girl (1984)

Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි.
එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..
ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.

Palestinian Martyr (2000)

තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා..
ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා.

BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත.
Tourist Guy (2001)

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා..

Burning Monk – The Self- Immolation (1963)

ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි. Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා..

ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.
The last Jew in Vinnitsa (1941)

Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]

ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.
ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.

Reichstag flag [1945]

1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.

Nagasaki [1945]

“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම..
1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.
ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ.

Body of Che Guevara [1967 ]

1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි. එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.
"සදාකාලික යෞවනය - චේ"

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

හිනා වෙන්න smile

හිනා වෙන්න smile
 
ඔබ ඉන්නෙ දුකින්ද?අද මහ එපා කරපු දවසක් ද?හිනාවෙන්න.සතුටින් ඉන්න.ඒත් කොහොමද?හරි මෙහෙම කරන්න.කවුරු හරි ගැන හිතන්න ඔබව සතු‍ටු කරන.ස්ථානයක් හරි සිදුවීමක් හරි.හිනාවෙන්න.සතු‍ටුවෙන්න.
මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අපිට පෙන්වා දෙනවා සිනා වීම නිසා ඇතිවෙන ශාරීරික වෙනස්කම්.ඔබ සිනා නොවී ඔබගේ මුඛයේ පේෂීන් චලනය කලත් එම වෙනස්කම ඇතිවෙනව.
විද්‍යාඥයන්ට තවමත් සිනා සීම නිසා සතුට ලැබෙන්නෙ ඇයි කියල හොයාගන්න බැරි උනත් එය ඇත්තටම ඔබව සතුටින් තියනවා.
සිනහව ඔබගේ මුඛයේ පේශීන් ශක්තිමත් කරනවා.ඔබගේ මොලයේ ලේ ගමනාගමනය වැඩි කරනවා.එමනිසා ඔබගේ මොලයේ ඇති Dopamine නැමති රසායනිකය නිපදවීම වේගවත් හා ශක්තිමත් වෙනවා.මෙය සතුටට හා ආශ්වාදයට හේතුවෙන රසායනිකයයි.
මේකත් බලන්න.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
  TAKE A SMILE
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈