හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් (7 TIPS TO CONTROL ANGER)



"ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව"(RALPH WALDO EMERSON)
"ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.''(LAURENCE J. PETER)


1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න.

.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි.

2) ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.




ආතතිය කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි.

3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි BREAK එකක් ගන්න.




ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි BREAK එකක් දෙන්න.ඒ බ්‍රේක් එක ඇතුලත RELAX වෙන්න බලන්න.

4) හොද හුස්මක් ගන්න.






තරහ පාලනයට තව හොද ක්‍රමයක් තමයි තරහ ආපු ගමන් හොද බර හුස්මක් අරන් ඇස් පියන් පොඩ්ඩකට තරහ යන හේතුව අමතක කරන එක,ඒකෙන් තරහ වෙනුවට හිනාවෙන්න තරම් හිත RELAX වෙනව.

5) හැමවෙලාවෙම පුලුවන් තරම් හොද දකින්න උත්සහ කරන්න.








ඔබට කෙනෙක් එක්ක තරහ ගියාම ඔහු ගැන,ඔහු කරපු වැරදි ගැනම විතරක් හිතන්න එපා ඒ,තව තවත් තරහ වැඩිවෙන එක විතරයි වෙන්නෙ.පුලුවන් තරම් ඔහු ගැන හොද මෙනෙහි කරන්න බලන්න,ඒ උන සිද්ධියේ හොද පැතිකඩවල් ගැන හිතන්න.

6) පුලුවන්තරම් සැහැල්ලිවෙන් ඉන්න.



එදිනෙදා ජීවිතේ අපිට වෙන දෙවල් ගැන සංකීර්ණව හිතන්න එපා.සැහැල්ලුවෙන් හිතන්න,හැමදේකින්ම පොඩි විහිලුවක් දකින්න,හිනා වෙන්න පුලුවන් තැන් හොයාගන්න.

7)මේ කිසිම දෙයකින් ඔබට ඔබව පලනය කරන්න බෑ වගේ හිතෙනවනම්.






ඔබට ගොඩක්ම හිතවත්,විශ්වාස යාලුවෙක්,හිතවතෙක් එක්ක කතා කරන්න.ඔවුන්ගෙන් උපදෙස් ගන්න.


ඔබ අධික ලෙස තරහ යන කෙනෙක්නම් තමන්ගෙ අවශ්‍යතාව තේරුම් ගෙන වෛද්‍ය සහය පතන්න.


No comments:

Post a Comment