හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

නිල් නෙතු

අපේ ගෙදර පූසි සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම
ඒකි පැනලා හා කිව්වා


පුරු පුරු ගගා මගේ ලඟටම වෙලා හිටියා
වටේ ඉන්න පූසෝ ගැන
උං උඹ ගැන හිතන එව්වා
උං උඹට කියන එව්වා
උඹ මාත් එක්ක කතා කලා

ඔහොම හිටිය උඹ එක සැරේ වෙනස් උනේ
වෙන පූසෙක් හින්දා කියලා
මං හීනෙන්වත් හිතුවේ නෑ
එක එක පූසෝ උඹේ ලගට එද්දි
මං කිව්වාම පරෙස්සමෙන් කියලා
උඹ කිව්වා "මගේ ජීවිතේ විනාස කරන්න එපා" කියලා
හත්තිලව්වයි කියලා මං පැත්තකට උනා

එක පූසෙක්ගෙන් පාඩමක් ඉගන ගත්තාම
උඹ මං ලගට ආවා
"ආයිත් ඉස්සර වගේ ඉම්මු.."
උඹේ ඒ වචන වලට
කියන්න දේවල් කොච්චර හිතට ආවත්
පිටවුනේ “හා ” කියලා

ටික දවසකින් ආයිත් උඹ
ඈත් වෙද්දි මං බලාගෙන හිටියේ;
කොහේ ගියත් වැරදුන දාට එන බව දන්න හින්දා..
මං බලා හිටියේ වරදිනකම් නෙවෙයි උනාට;
එනකම් හැමදාම බලන් හිටියා

වැරදෙන හැම සැරේම මාව හොයන් එන එක
පූසියෙක් වෙච්ච උඹට දැන්
පුරුද්දක් වෙලා
දාලා යන හැම සැරේම වැරදිලා එනකම්
බලන් ඉන්න එක
මටත් නිකම්ම පුරුදු වෙලා

මොන දේ උනත් හොයන් එන්න
මං ඉන්න හින්දමද මන්දා
දැන් ටික දවසකින් උඹ ආගිය අතක් නෑ
මං හිතන්නේ උඹේ ග්‍රහයා මාරු වෙලා ඇති
රාහු කාලේ පැන්නාම උඹ එනකම්
මං බලා ඉන්නවා

**
***
****

එක අතකට උඹ හරි තමා...
මට අපේ ගෙදර කොල්ලා
කිව්වේ මේක...
චුයිංගම් එකක් කියන්නේ
කාලා හපේ විසි කරන එකක් මිසක්
කෑවට පස්සේ කොට්ටේ යට තියන්
නිදාගන්න දෙයක් නෙවෙයි

මීට,
අපේ ගෙදර පූසා..

No comments:

Post a Comment