හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

පින්බර නවම් පුන් පොහෝ දිනය



බෞද්ධයා - The Buddhist


ගෞතම සම්බුදු සසුනේ වන්දනීයවුත් පූජනීයවුත් කාරණවන් කිහිපයක් සිදු වූ පින්බර නවම් පුන් පොහෝ දිනය පුරාවටම අපි පිරිනිවී වැඩි රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් උපෝසථ ශීලය සමාදන් වෙමු.


නවම් පුන් පෝදා සිදුවූ සුවිශේෂ සිදුවීම් මෙසේය…

• සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.

• ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය

• බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.

• බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

ඒ භාග්‍යවත්වූ අරහත් වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!!!

::: තෙරුවන් සරණයි...! ::::

No comments:

Post a Comment