හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

virus Remover - පරිගණකයට නිතරම එන වයිරස් අයින් කරන්නේ මෙහෙමයි.


ඔයාලගේ පරිගණකයට නිතරම ඇතුල් වෙන වයිරස් කීපයක් තියෙනවා නේ .අන්න ඒවා අයින් කරගන්න නියම සොෆ්ට්වෙයා එකක් අපි අද ඔයාලට ගෙනාවා.

මේක save කරලා තියාගත්තත් පාඩු නැ සම්පුර්ණ ෆුල් වර්ෂන් එක තමයි දෙන්නේ.

මේ සොෆ්ට්වෙයා එකෙන් ,
Task-manager අතුරුදහන් වෙන එක ,
Folder option අතුරුදහන් වෙන එක ,
system Restore ,
රෙජිස්ටර් වෙනස් වෙන එක ,
Host ෆයිල් වෙනස් වෙන එක ,
සියලුම වාගේ ජනප්‍රිය වයිරස් අයින් කරන්න පුළුවන් .

මෙන්න මෙතනින් ගන්න

Download Link >>>> http://adf.ly/wxo0T

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Funny Photo Maker

මෙන්න කට්ටියට පොඩි වැඩ කැල්ලක් .පොඩි කිව්වට මේක පොඩිත් නැහැ .මේකෙන් කරන්නේ Photo එකකට පොඩි පොඩි Effect අපිට කැමති විදියට දාගන්න එක .Serial , Crack මේ කිසිම දෙයක් මේකට අවශ්‍ය නැහැ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..

මේකේ ගොඩක් Effect තියෙනවා ඔයාලට කැමති වැඩ කැලි දාලා හදාගන්න පුළුවන්. බගෙනම් බලන්න.


මෙතනින් බා ගන්න.

Download Link >>>> http://adf.ly/wx4m0

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

-වෙන්වීම-


තනි හිතට ළංවෙලා
ආදරේ දුන් ඔයා
සදහටම දුක තියා
ඇයි ගියේ වෙන්වෙලා


පාසලේ පන්තියේ
හිනැහුනේ ඉගීකළේ
තනිවෙච්ච හැමවෙලේ
නුඹ ළගයි දැවටුනේ

සිදුවෙච්ච අද දිනේ
මරණේ නූඹේ නොසිතු සේ
අදහන්න බෑ පණේ
තවම නුඹ ළග වගේ

ගියත් දුර වෙන්වෙලා
හිත නුඹම සොයනවා
මම දන්නේ නෑ සුදෝ
කුමක් කරම්දෝ කියා

එක දෙයක් හිතෙනවා
හෙට මමත් මැරෙනවා
සොයා නූඹ ගව් ගණන්
සසර මග දුවනවා

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

The Love


අද ලියන්න යන්නේ ආදරය ගැන..ඒ කියන්නේ ආදරය ගැන මට හිතෙන හැටි හා දැනෙන හැටි ගැන.ආදරය ගැන post එකක් ලියන්න ඕනි කියලා කාලෙකට කලින් හිතුනේ FB එකේදි දැකපු සමහර සිදුවීම් හා එදිනෙදා ජීවිතයේදි දකින්නට හා අසන්නට ලැබුණු සිදුවීම් කිහිපයක් හින්දා.ඒත් හැමදාමත් වගේ වැඩේ අද වෙනකම් පහු උනා...ආදරයෙත් පැතිකඩ බොහොමයක් තියෙනවනේ.ඉතිං මේ කතාකරන්නේ ආදරයේ එක් පැතිකඩක් උනු පෙම්වතුන් හා පෙම්වතියන් අතර තියන ආදරය පිළිබඳව...

ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නේ..?

ආදරය ගැන බොහෝ දෙනා බොහෝ නිර්වචන දිලා තියෙනවා.විශේෂයෙන් නිර්මාණකරුවන් විසින්ඒ බොහොමයක් නිර්වචන සමාන වෙනවා වගේම සමහරක් එකිනෙකට වෙනස් නිර්වචනත් තියෙනවා...

“ආදරය සේ සුවදෙනා - අන් ලොවේ නැත රසඳුනා“

කියලා එදිරිවීර සරත්චන්ද්‍රයන් ආදරය ගැන අපූරු නිර්වචනයක් දෙද්දී තවත් ගීත රචකයෙක් හරි අපූරු විදියට මෙහෙම ලියලා තිබුනා...

“ඉවුරු දෑලේ හිඳ බැළු විට
ගඟ හැඩයි කදිමයි...
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි... “

හැබැයි නන්දා මාලිනි මහත්මිය ගජමන් නෝනා ටෙලි නාට්‍යට ගයපු තේමා ගීතයේ මෙහෙම කියනවා...

“ජීවිතේ කවියක්
ආදරය එහි
සොඳුරුතම වදනක්...“

ඒ අතරෙදි චන්දන ලියනාරච්චි ගායනා කරපු ගීතයක මෙහෙමත් කියලා තියෙනවා...

“ප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති... “

මගේ පැත්තෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති ඔය අන්තිමට තියන පද ටිකට.මොකද අපි ආදරය කියන්නේ මොකක්ද කියලා දහදෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්..සමහරුන්ට ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දෙන්න උත්තරයක් නැහැ...ඉතිං එහෙම එකේ ආදරය ගැන හරියටම නිර්වචනයක් දෙන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නෑ.පාසල් යන කාලේ බැඳුනු ප්‍රේමයත් එක්ක ඒ දවස්වල හිතන් උන්නේ ආදරය කියන්නේ ඒකට කියලා...ඒත් අද වෙනකොට තමා හිතෙන්නේ එතන තියෙන්න ඇත්තේ ආදරය නෙමෙයි ආකර්ෂණය විතරයි කියලා...හැබැයි පසුකාලීනව ඒ තත්වේ වෙනස් උනා කියලත් වෙලාවකට හිතෙනවා...

ඔය අතරේ එදිනෙදා සමාජයේ ඉන්න ගොඩක් අයත් ආදරය සම්බන්ධ එක එක ප්‍රකාශ කරලා තියෙනවනේ.අපි O/L කරන කාලේ කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි Autograph එකක් අරන් බැළුවොත් ඒ වගේ වැකි ඔනතරම් හොයාගන්න පුළුවන් කම තිබුනා.අද වෙනකොටත් ඒ තත්වේ වැඩි වෙනසක් වෙලා නෑ නියලා හිතනවා...දැන් නම් fb එකට ගොඩවැදිලා ටිකක් වෙලා හිටියොත් ඒ වගේ ඒවා ඔනිතරම් හොයාගතහැකි...

“සැබෑ ආදරයක් කෙලවර වන්නේ එක්වීමකින් නොවෙයිනම් මරණයෙනි...“
“ආදරය යනු ලොව උතුම්ම වස්තුවයි...“

කියලා මේ වගේ අපබ්‍රංස ඔනිතරම් කියලා තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නේ ඔය වගේ දෙවල් කියන හා දාන උදවියත් ඇත්තටම ඕවා ඒ ආකාරයෙන්ම කරනවද කියන එක...

කොහොම උනත් විකිපීඩියාවේ ආදරය ගැන දීලා තියෙන්නේ මෙහෙම නිර්වචනයක්...

“ආදරය යනු බැඳිම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රණයකි...“

ඔය කියල තියෙන කතන්දරේ ඇත්තද කියලා ඉතිං දන්නෝ දනිති.මේ ආදරේ ගැන මට මේ දවස්වල හිතිලා තියෙන හැටි...

“ආදරය යනු නෙල්ලි ගෙඩියක් වැනිය...“

ආදරය නෙල්ලි ගෙඩියකට සමාන වෙන්නේ කොහොමද කියලා සමහරු දැන් අහයි...කවදමහරි දවසක නිවීසැනසිල්ලේ නෙල්ලි ගෙඩියක් කාලා තියෙන කෙනෙකුට තේරිලා ඇති නෙල්ලි ගෙඩියක් ඇතුලේ එකිනෙකට වෙනස් රසයන් ගනනාවක් තියෙනවා කියලා...ආදරයත් ඒ වගේ...ආදරය කියන හැඟීමත් එක්ක බැඳුනු විරහව,රාගය,ඉරිසියාව...වගේ නොයෙකුත් දේ තියෙනවා.ඉතිං මම ආදරය නෙල්ලි ගෙඩියකට උපමා කිරීමේ වැරැද්දක් දකින්නේ නැහැ...මේ හිතෙන විදිය පස්සේ කාලෙක කොහොම වෙයිද කියලා දන්නේ නෑ...මේ අද මේ මොහොත වෙනකම් මට ආදරය ගැන මේ දවස්වල හිතිලා තියන හැටි...

කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි...

“එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති...“

සබඳ අපි කඳු නොවෙමු~

සබඳ අපි කඳු නොවෙමු~
උනුන් පරයා නැඟෙන~
සුනිල දිය දහර වෙමු~
එකම ගඟකට වැටෙන~
වියරු ගිනි දැල් නොවෙමු~
වනය අවුලාතබන~
සිහිල දෙන වැස්ස වෙමු~
දැවෙන කැලයට වසින~
නපුරු හීනය නොවෙමු~
ළමුන් නිදි සුව බිඳින~
සොඳුරු අඬහැරය වෙමු~
දනන් නින්දෙන් මුදන~


-(ගුනදාස කපුගේ)

- මතක සැමරුම -


ජීවිතය නම් සලපතළ මළුව මත
බොහෝ දෙන ඇවිත් යති...
ඒ පියසටහන් පමණක් ඉතිරි කරය...
බොහෝ පා සටහන්
ඉක්මණින් මැකී යති...

සමහර පියසටහන්
කාලයාගේ ඇවෑමෙන්
කලකට පසු මැකී යති...

නමුදු...

කලාතුරකින් තබා යන
ඇතැම් පියසටහන්
දිවි ඇති තෙක් මැකී නොයයි...

ජීවිතය...

ඒ පියසටහන් රැගෙන
අනාගතයක් ගැන නොදැන
මතක පමණක් රැගෙන
ගලා යනු ඇත...

- මතක සැමරුම -
---------------------
පහුගිය ලඟ උන්නු කාලේ නුඹ නිතරම කියපු දෙයක් තිබුනා හැමදේම විසඳෙන්නේ ඉරණමත් එක්ක කියලා.එදා නුඹට හිනා උනත් අද හිතෙනවා ඒ දේ ඇත්ත කියලා...සිද්ධ උන වගේම තවමත් සිද්ධවෙන දේවල් පුදුමයි වගේම අදහන්නත් බැරි තරම්...කොහොමත් නුඹ අද ලඟ නෑ...හොඳම යෙහෙලියකටත් වඩා ජීවිතේට ගොඩක් ලං උනු.,ජීවිතේ කියා දීපු නුඹ අද ගොඩක් ඈත් වෙලා...

සත්තයි...නුඹ නිතරම කියන විදියට මේ ජීවිතේ වෙලාවකට පිස්සුවක් වගේ...
නුඹ නැති හෙට දවසේ ජීවිතය කොහොම වේවිද..?
තවමත් මට පිළිතුරක් නැති ප්‍රශ්නයක්...

සතුටින් පරිස්සමට ඉන්න...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

This is our valentine Gift... Screen Saver for lovers..

This is our valentine Gift...
Screen Saver for lovers..

Download Link >>>> http://adf.ly/13Nlhm