දැන් කාලේ පොඩි උන්

දැන් කාලේ පොඩි උන් ඉපදෙනවා බොහෝම හොරය. උපදින්නේ කෙලින්ම මහ උන්ය. උන්ට දෙයක් කියනවාට වඩා කට වහගෙන සිටීම මනාය. ඉන් බබීත් බබීගේ අම්මාත් යන දෙදෙනාම බේරෙන්නේය. උන්ට බොරු කියා රවට්ටන්න යාමෙන් පලක් නැත. උන් අපිට වඩා ඇඩ්වාන්ස්ය. කිව්වොත් කියන්නෙ එසේ මෙසේ බොරු නෙමේය. ඉන්ටනැෂනල් මට්ටමේ එව්වාය. උන් අපේ වයසට එන විට මොනවා කරයිදැයි සිතා ගත නොහැක්කේමය. මුන් ගැන කියලා වැඩක් නැතය. එහෙයින් ලියලා යන්ට යමිය. අපේ අක්කාටත් ඔව්වෝ දෙදෙනෙක් ඉන්නවාය. කෙල්ලට තාම කතා කරගත නොහැකි තරම් පොඩි නිසා වාසනාවන්ය. විඳින්නට වෙන්නෙ කොල්ලාගේ ගැහැට පමණක්මය.
ඔන්න දවසක් පුතණ්ඩිය අපේ ගෙදර ආව කියමුකෝ. මේකා ආපු වෙලාවේ ඉඳලා කාමරේට වෙලා මගේ කාමරේ සෝදිසි මෙහෙයුමක්. මේක තව දිග්ගැස්සුනොත් මාමියාගේ කාඩ් කුඩු වෙන්න ඉඩ තියන හින්ද මමත් අප්‍රමාන දරු ස්නේහයෙන් “එන්නකෝ පුතාට ෆිල්ම් එකක් දාලා දෙන්න” කියල පොඩි එකාව ගෙන්න ගත්ත මම ලඟට. දැන් ඉතිං මම උට ෆිල්ම් හොයනවා.
“පුතා සූර පප්පා බලනවද?”
“අර බඩ තඩියා ඉන්න එකනේ. එපා”
“එහෙනං ටින් ටින්?”
“එකත් එපා”
“එහෙනං අපි රජ ඉබ්බෝ?”
“අයියෝ මාමි මොනවද බලන ෆිල්ම්. මාමි ළඟ මර්ලින් තියනවද?”
මට හුස්ම හිරඋනේ නැති ටික විතරයි බොලව්. දැන් TV එකේ මර්ලින් පෙන්නනවලු. මුංගේ මොන්ටිසෝරියේ එකෙක් ඔය ටික TV එකේ යන්න කලින් DVD එකකින් බලල. මේකගෙ පොරේ මට ඒ ටික හොයල දෙන්න කියල. දැන් එතකොට සූර පප්පා, ටින් ටින් එහෙම බලන්න ඕන අපිද? ඔන්න තවත් දවසක ඩයල් එක ආච්චි එක්ක වලි. බැලින්නං වැඩියෙන්ම ආදරේ ලිස්ට් එකේ ආච්චි පහලට ගිහිං. මෙන්න මෙහෙමයි පොරගේ ලිස්ට් එක.
01. තාත්තා
02. අම්මා
03. මාමා (ඒ කිව්වෙ මේ මම)
04. සීය තාත්තා (අපේ තාත්තා)
05. අතතම්මා (අපේ අම්මා)
06. කැතී (බල්ලා)
07. ආච්චී (නැන්දම්මා)
තරහ යන්නේ නැද්ද බොලව්. ආච්චි තමා පොරව බලාගන්නේ නිදිකරවන්නේ ඔක්කොම. ඉතිං කොහොම කොහොමහරි මේ චූටි වලිය දිග්ගස්සිලා කොල්ල අත්තම්මට දබර ඇඟිල්ල දික් කරලා “දෙනවා දෙකක්” කියල සැර දාලා. ඔන්න අත්තම්මා පාර්ශවෙන් පැමිණිල්ල අක්කට ඉදිරිපත් උනා.
“ඇයි පුතා ආච්චිට සැර කරේ. ඔයාගේ ඔක්කොම වැඩ කරලා දෙන්නෙ ආච්චිනේ. ඔන්න අදින් පස්සේ ඔයාට තමා ඔක්කොම කරගන්න වෙන්නෙ.”
“ඉතිං මම තරහට නෙමෙයිනේ ආච්චිට සැර කරේ. ආච්චිව හදාගන්නනේ”
ආයි මොනවද ඉතිං කියන්නෙ කියපල්ලකෝ. මම අද මේක කියන්න හිතුනේ වෙන සිද්දියක් හින්ද. තව පොඩ්ඩෙන් ඒක අමතකම වෙලා යනවා. අද ගෙදර ආපු ගමන් අසල්වැසි ගෙදරකින් ඇවිත් මෙතුමාව කුදලාගෙන ගියා. කම්පියුටර් රාජයෙක් හදන්න. ඔය ජොබ් එකේ එපාම වෙන හරිය තමා කම්පියුටර් ගැන මෙලෝම දෙයක් දන්නේ නැති කෙනෙක් ඔකේ අවුල කියන එක සහ දුරකථන භාවිතා කරලා රෙපෙයාර් වැඩ කරන එක. වැඩ නැත්තං හිස් අතින් ගිහිල්ලා බෑනේ. ඉතින් මොනවද අරං යන්න ඕන කියල දැනගන්න එපැයි.
“මොකද මැෂින් එකට වෙලා තියෙන්නේ අංකල්?”
“මම නම් දන්නේ නෑ පුතා. දුව තමා දන්නෙ. ඉන්න මම කෝල් එකක් ගන්න.”
“දුව, මේ අයියා අහනවා මොකද වෙලා තියෙන්නේ කියල. ඉන්න මම අයියට දෙන්න”
“හෙලෝ....නංගි මොකද වෙලා තියෙන්නේ”
“දන්නේ නෑ අයියා, ඔන් කරන බට්න් එක එබුවම කූං ගගා තියනවා. මුකුත් එන්නේ නෑ”
“බීප් එකක් එනවද?”
“නෑනේ”
“හරි, මම තියන්නම්”
“යමු අංකල්”
ඔන්න ඉතිං මම ටුල් කිට් එකයි CD ටිකයි අරගෙන ගියා කියමුකෝ. මැෂින් එකේ යස අගේට බීප් එකක් එනවා. බැලින්නං රැම් එක බුරුල් වෙලා විතරයි. “මේ බීප් එකක් එන්නේ” කියල කෙල්ලට කියපුවහම ඒකි කියපි “මම හිතුවේ ස්පිකර් වලින් එන බීප් එකක් ගැන අහන්නෙ කියල.” ඔය වගේ සිද්දි දැන් හොඳට හුරු පුරුදු හින්ද මම මුකුත් කියන්න ගියේ නෑ. මම ඕක හද හද ඉන්න අතරේ ගෙදර පොඩි කොල්ලා (මම හිතන්නේ ඌ එක වසරෙද කොහෙද) මම වටේ කැරකි කැරකි හිටිය. හදල මැෂින් එක ඔන් උනාට පස්සේ මූ හිමීට කියනවා,
“අයියේ ගේම් එකක් දාල දෙන්නකෝ”
“මොන වගේ එකක්ද ඕන?”
“මේකේ තියෙන්නේ නීඩ් ෆෝ ස්පීඩ්. ඒක එච්චර හරි නෑ අයියා. මට වෙඩි තියන එකක් දාල දෙන්නකෝ. ස්නයිපර් එකක්.”
“මොන ගේම්ද.. මට වැඩක් කරගන්නත් නෑ ඔව්ව දාලා. එපා අයියා දාන්න. අම්මේ.... මෙන්න මල්ලි ගේම් දාලා දෙන්න කියනවා”
නීඩ් ෆෝ ස්පීඩ්..... පුහ්.. යකෝ කුරුම්බැට්ටි මැෂින් වලින් සෙල්ලං කරන්නේ අපිද එතකොට? කෙල්ල කේලම කියල කට ගන්න හම්බුනේ නෑ “ඩීං” ගාල තඩි සද්දයක් එක්ක වැදුන හොඳ පාරක් කොල්ලගෙන්. කෙල්ල දුවගෙන ගිහිං වෙන කාමරේකට වැදිලා දොර වහගත්ත. මමත් “යන්නං අංකල්” කියල එන්න ලැස්ති උනා. “පොඩ්ඩක් ඉන්න පුතා. මම ගිහිං දාන්නම්. මේ තේ එක බීලා යන්න” ඔන්න ඉතිං කොල්ල සාලෙට වෙලා ඉන්න අතරේ අර පොඩි එකා හිමීට අක්ක ඉන්න කාමරේ ගාවට ගිහිං වොයිස් එක මාරු කරලා තාත්ත වගේ “දුව, එන්න එලියට.” කියනවා. කෙල්ල ඉතිං කලින් දවසක ඔය ටොපිය කාල තියන හින්දද කොහෙද ඒකි රැවටුනේ නෑ එකට. ඔන්න ඉතිං තේ එකකුත් ආව කියමුකෝ.
“පුතා.. මේ අයියට බිස්කට් එකක් දෙන්න”
ඔන්න කොල්ල ගියා මේසයක් ගාවට. අප්පද බොල. එතන බිස්කට්, චොකලට්, ටොපි, බනිස්, ලොලිපොප්, ඔකී මේකී නොකී රසකැවිලි සෙට් එකක්.
“මොකක්ද ඕන?”
“අර නයිස් එක දෙන්න”
“රුපියල් 50යි”
මම කොයිල් වෙලා කොර වෙලා විලම්භීත වෙලා ගියා. අංකල් පර්ස් එකෙන් රුපියල් 50ක් දීලා බිස්කට් එක අරං මට කඩල දුන්න. මමත් හඳට බයවෙලා වගේ හිටපු හින්දද කොහෙද අංකල්ට මීටර්. පොර මට විස්තරේ කිව්වා පස්සේ. පොඩි එකා කඩේට ගියාම බිස්කට්, චොකලට් අනං මනං ගන්නවලු. ගත්තට කන්නේ නෑලු. ගෙදර අරන් ඇවිත් ඒක පොරගේ කඩේට දානවලු. ඊට පස්සේ උට කන්න ඕන උනත් අම්ම හරි තාත්ත හරි සල්ලි දීලා උගේ කඩෙන්ම බඩු අරං උට කන්න දෙන්න ඕනලු. උගේ කඩේ බඩුත් ගිනි ගණන්ලු. මමත් ඉතිං කට පියාගෙන ඉන්න බැරි කමට ඇහුවා ඇයි එහෙම කරන්න දෙන්නෙ කියල. පොඩි එකාට රාහු අපළලු. තව මොන මොනවදෝ අපල වගේකුත් තියනවලු. උට ඕන විදියට ඉන්න දුන්නේ නැත්තම් ගෙදරින් යයි කියල හඳහන් බලපු එකා කිව්වලු. (නෙද්දකින්... අපේ හඳහන් බලපු එවුන් අපිට ඔය වගේ චෑන්ස් එකක් අරන් දුන්නේ නෑනේ අම්මපා) ඉතිං උට තග දාන්නේ නෑලු. මාමත් ඉතින් තේ එක බීලා එන ගමන් මොනව උනත් කොල්ලෙක්නේ කියල පොඩි බිස්නස් ටිප් එකක් දීගෙන ආව.
“මල්ලි නරකද ගෙදර ගෙනත් විකුණන බඩු කන්න ඕන කියල අරගෙන ආපහු කඩේටම දාන එක. එතකොට හුඟක් සල්ලි හම්බ කරන්න පුළුවන්. එක බිස්කට් එක තුන් හතර පාරක් විකුනන්න පුළුවන්”
“ශා... නියම අයිඩියා එකනේ අයියා”
ප.ලි. - තව ටික දවසකින් පොස්ට් වලට මගෙන් කමෙන්ට් වැටුනේ එහෙම නැත්තම් පොඩ්ඩක් ඇවිත් බලපල්ලා. ඒ කියන්නෙ අරූගෙ තාත්තා මට ගහලා නැත්තං මරල හංගලා.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

No comments:
Post a Comment