සමන් : අම්මට හුඩු... මේ කමල් නේ.. උඹ ඊයේ මගේ ආදාහනයටත් ඇවිත් හිටියානේ.. උඹ කවද්දා යකෝ මැරිලා මෙහේ ආවේ..?
කමල් : අද උදේ බං
සමන් : හුටා... තෝ කොහොමද මැරුනේ...?
කමල් : උඹ දන්නවානෙ මගේ කටහැකර ගෑණි ගැන... ඊයේ රෑත් ඒකි මාත් එක්ක වළියක් ඇද්දා.. ජීවිතේම කළකිරුනා මචං... මං කුඹුරට ගහන්න ගෙනාපු වල් නාශකේ බිවුවා බං...
සමන් : විහිළු කරන්න එපා යකෝ... වල් නාශක බිවුවා නම්.. තෝ ඊයේ රෑම මැරෙන්න එපැයැ.. තෝ මැරිලා මෙහේ ආවේ අද උදේනේ..
කමල් : ඔවු බං.. අර කෙහෙල්මල් වල් නාශක කොම්පැනිය විකුනලා තියෙන්නේ බාල වල් නාශකයක්... ඒකට මැරෙන්නෑ බං..
සමන් : මොකක්.. එහෙනම් තෝ කොහොමද අද උදේ මැරුණේ..?
කමල් : වල් නාශක බිව්වට හොස්පිටල් ගෙනාවා. දොස්තර අද උදේ මොකක්දෝ බෙහෙතක් විද්දා... කෙහෙල්මල... ඒක චයිනීස් බාල බේතක්... ඒකටයි මැරුණේ...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment