
අද අල්ලපු ගෙදර නංගිට අමුතුම දවසක්ලු. හිතේ ගොඩක් බයෙන්ලු ඉන්නෙ.
මොකද එයා ඩෙන්ටල් යන්නෙ අද දතක් නරක් වෙලා.
ඉස්සරහ ගෙදර අන්කල්ටත් වැදගත් දවසක්ලු.
අද වත්තෙ පොල් කඩන දවසලු.
ෆාමසියෙ ඇන්ටි කිව්වා අද උදෙන්ම කඩේ අරිනව කියල.
හේතුව නම් කිව්වෙ නෑ.
ලොන්ඩරියෙ අන්කල් කිව්වා "පුතා අපි ඕන රෙද්දක් හෝදනවා පැල්ලම් නැතිවෙන්නම" කියලා. නෑ?
අන්කල් මාර වැඩ්ඩෙක්නෙ.
මැච් එකත් බලලා අවුල ගහල හිටිය මම හන්දිය පැත්තට ගියා.
ඒ යනකොට කොල්ලො දෙතුන් දෙනෙක් හම්බුණා. උන්ගෙ අතේ එක එක හැඩට ඔතපු පාර්සල් තිබුණා.
මං හිතන්නෙ කාගෙහරි උපන්දින පාටියක් වෙන්න ඇති.
ඔහොම්ම මම ගියෙ රීලෝඩ් කඩේ පැත්තට.
ඒත් කඩෙත් වහල කඩේ අක්කා කොර ගහ ගහ අමාරුවෙන් වගේ ඈත යනව දැක්කා.
මං හිතන්නෙ කෙන්ඩ පෙරලිලා වෙන්න ඇති.
දැන් ඉතින් වෙන කඩේකට පලයන්කො.
ඉස්සරහට යනකොට මම දැක්ක බස් හෝල්ට් එක ගාව ලොන්ඩරියෙ අන්කල්ගෙ දුව මූණත් කලාබර කරගෙන බිම බලන් ඉන්නවා. යකෝ මෙන්න මේකි අඬනව.
මං ඇහුව මොකද නංගි කියල. "වැඩක් නෑ අයියෙ ලොකු කලු පැල්ලමක් ඇති උනා" කිව්වා.
අයියෝ ඕක මොකක්ද නංගි තාත්තට කිව්වනම් ඕන පැල්ලමක් ඇරල දෙනවනෙ.
වැඩක් නෑ අයියෙ මේක එයාට යවන්න බෑ.
හෑ ලොන්ඩරියෙ අන්කල්ටවත් යවන්න බැරි පැල්ලමක්? එහෙනම් ඉතින් මටත් යවන්න බෑනෙ. මං එතනින් මාරු උනා.
අද නිකං අමුතු දවසක් වගේ.
ගෙදර ගිහින් මම කැලැන්ඩරෙත් බැලුවා අද විශේෂ දවසක්වත්ද කියලා.
අප්පටසිරි දැන්නෙ මතක් උනේ.
අද තමයි දවස් ගානකට පස්සෙ මම නාගන්න දවස.
මොකද අද සෙනසුරාදනෙ
No comments:
Post a Comment